කොළඹ LNW:කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ හෙයින් ඒ අනුව වෙඩිතැබීමක් සිදුකර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඊයේ රාත්‍රියේ රැඳවියන් පිරිසක් අතර නොසන්සුන්තාවක් හටගෙන තිබුණ අතර තත්ත්වය පාලනය කර පැවතියද අද උදෑසන යළි ගැටුමක් ඇති වී තිබේ.
ගැටුම හේතුවෙන් මේ වනවිට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.
තත්ත්වය පාලනය වෙනුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙන බව සඳහන්.


