උඩවලව ගොවීන්ගේ ජල ගැටලුව අද යළිත් කැබිනට් මණ්ඩලයට

Date:

උඩවලව ජලාශයට සමනළ වැව ජලාශයෙන් ජලය ලබාගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අද (07) දිනයේ යළිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

පවතින වියළි කාලගුණ තත්වය හමුවේ උඩවලව ජලාශය සිඳීයාමත් සමග වලව කලාපයේ ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇත. වී සහ වෙනත් බෝග වගා කෙරුණු වගාබිම් අක්කර 75000 කට පමණ ජලය නොමැති වීමෙන් එම වගාවන් විනාශ වී යාමේ තර්ජනයක් මේ වනවිට උද්ගතව තිබේ.

ඒ අනුව අද දිනයේදී මෙම ජල ගැටලුව සම්බන්ධයෙන් යෝජනාවක් නැවතත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

“වලව ගොවීන්ගේ ජල ප්‍රශ්නය විසඳන්න රජයට වගකීමක් තියෙනවා. ඒකෙන් බැහැරවෙන්න බෑ. මොකද ඒ ගොවි ජනතාව ඉතාමත් අමාරුවෙන් තමා මේ වගා කටයුතු කරගෙන ගියේ. දැන් අවසාන අවස්ථාව. කරල් දැකලා අද වේලෙන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ජලය ලබාදීමේ පළවෙනි ප්‍රමුඛතාවය තමා පානීය ජලය. දෙවැනි ප්‍රමුඛතාවය තමා වගාවට ජලය. තුන්වෙනි ප්‍රමුඛතාවය තමා විදුලිය. දැන් දෙවැනි ප්‍රමුඛතාවය ක්‍රියාත්මක කළ යුතුයි. එක ජල මුරයක් දුන්නොත් මේ තියන තත්ත්වයෙන් 65% – 70%ක් හරි බේරගන්න පුළුවන් වෙයි. විදුලිබල මණ්ඩලය මේකට ප්‍රමුඛතාවය දීලා මැදිහත් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේක සුළු පටු කාරණයක් නෙවෙයි”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...