*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

වගා බිම් විනාශයට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට!

කොළඹLNW:වගාවට අත්‍යවශ්‍ය ජලය සම්බන්ධව උද්ගතව ඇති තත්ත්වය ගැන මහවැලි සහ විදුලි බල අමාත්‍යවරුන් ඇතුළු එම අමාත්‍යාංශවල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන්නේ අද (07) සිට එම කටයුතු ආරම්භ කරන බවයි.

පූර්ව අනතුරු අඟවා තිබියදී වගාබිම් මරාදැමීමේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය භාරගත යුතු බවයි ඔහු කියාසිටින්නේ.

“දැන් පවතින්නේ දැඩි නියගයක්. මේ දැඩි නියඟයේ බලපෑමෙන් උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම දැනට දින ගණනාවක් පුරා ශීඝ්‍රයෙන් පහල බසින් පවතිනවා. ඊයේ වෙනකොට 0.68%ක් දක්වා පහළ යමින් අවසන් මට්ටමට ම පැමිණ තියෙනවා. අක්කර අඩි 217,800කින් යුත් උඩවලව ජලාශයේ ධාරිතාවය ඊයේ පස්වරුව වනවිට දැක්වුණේ අක්කර අඩි 1,331ක් ලෙසයි. වලව මහවැලි කළාපයේ ජලය නොමැතිව එහි වගාබිම් විනාශ වෙමින් පවතිනවා. සාමාන්‍ය තත්ත්වයක් යටතේ දවසකට උඩවලව ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 3,200ක ප්‍රමාණයක් වගාව සඳහා ගොවිබිම් වෙත මුදා හරිනවා. ඒ උඩවලව ජලාශයේ වම් ඇළෙන් කිරිඉබ්බන් වැව, සූරියවැව සහ මයුරපුර ප්‍රදේශවලටත් දකුණු ඇළෙන් අඟුණකොළපැළැස්ස, මුරවැසිහේන සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලටත් විදිහට. උඩවලව ජලාශයෙන් පෝෂණය වන වලව මහවැලි කලාපයේ කුඹුරු හෙක්ටයාර 15,000ක වී වගා කෙරෙනවා. ඊට අමතරව කෙසෙල්, ගස්ලබු වගේ බහු ආර්ථික බෝග හෙක්ටයාර 5,200ක වගා කරනවා. තවත් හෙක්ටයාර 600 උක් සහ හෙක්ටයාර 640 ක එළවළු වගා කරනවා. බඩඉරිඟු, සෝයා, මිරිස් වගේ තවත් විවිධ අතිරේක බෝග වගා කෙරෙන්නේ හෙක්ටයාර 400ක්. ජලය ලබා නොදීම නිසා ඇතැම් ගොවිබිම් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. වගා බිම් හරක්ට අතහැරලා දාලා. උඩවලව ජලාශයට ජලය සපයා ගත හැකි විකල්පය තමයි සමනළ වැව ජලාශය. දැන් එකේ ජල මට්ටම ඊයේ වන විට සියයට 13.2 ක් විදිහට පහතට ඇවිත්. අපි මේ ගැන කතා කරද්දී සමහරුන්ට හිතෙනවා ඇති වැස්ස නැත්නම් ආණ්ඩුව මොනවා කරන්නද කියලා. වැස්ස දිහා බලාගෙන වගා කරන්න කියලා ගොවියන්ට කියන්න ආණ්ඩුවක් ඕනේ නැහැ. වැස්සොත් විතරක් වගා කරන්න කියන්න ආණ්ඩුවක් මොකටද. එකට තමයි රටක ජල කළමනාකරණය කියන විෂයක් තියෙන්නේ. ඒකේ වගකීම තියෙන්නේ ආණ්ඩුව යටතේ. රජය යටතේ. දැන් තමයි ජනාධිපති අදාළ නිලධාරීන්ගෙන් අහන්නේ වතුර කොච්චරක් ඕනෙද කියලා. දැන් අශ්වයා පැනලා ගිහිල්ලා ඉවරයි. ඉස්තාලය වහලා දැන් වැඩක් නැහැ. ජනාධිපතිවරයා ඇතුළු මේ කැබිනට් මණ්ඩලය ගොවි බිම් මරා දැමීමේ වගකීම බාරගන්න ඕනේ. මේ ගැන අපි කලින්ම අනතුරු ඇගෙව්වා. දැන් අපි මේ ගැන අධිකරණ ක්‍රියා මාර්ග අවලට යනවා. එහි පළමු පියවර තමයි අද අපි ශ්‍රී ලනකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීම. ඒකේ වගඋත්තරකරුවන් වෙන්නේ විදුලි බල අමාත්‍යංශයේ ඇමතිවරයා සහ විදුලි බල මණ්ඩලයේ බලධාරීන්, කෘෂිකර්ම ඇමති, මහවැලියේ ඉහලම බලධාරීන් ඇතුළු කණ්ඩායම. ඊළඟට අපි මුලික මිනිස් අයිතිවාසිකම නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණු කරනවා” යනුවෙන් කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. කරුණාරත්න මහතා පවසනවා.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan