*
Monday, September 30, 2024
spot_img

Latest Posts

පරිපාලනයෙ පිහිටෙන් ක්‍රීඩකයන්ගේ වියදමෙන් හංගේරියා යන්න තවත් තිදෙනෙක් එකතු වෙති

ක්‍රීඩා අමාත්‍යංශය පව්ත්වාගෙන යන සුපිරි සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආහාර වියදම ගැනීමට ඔවුන් කොළඹම සිටිය යුතුය.වඩාත් තමන්ගේ ඉසව්වට ගැලපෙන බිමක පුහුණුවීම් කිරීමට ඔවුන්ට ඉඩ අවකාශ නැත.ඉසව්වේ තත්ත්වය කෙසේ වුව ද කම් නැත.අමාත්‍යංශයට වැදගත් කොළඹ සිට කෑමය.නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ බව පෞද්ගලිකවම පවසන්නට අපි තීරණය කළ අතර ඔහු ඒ සම්බන්ධයෙන් අවශ්‍යය විසදුම් සොයා බලා ලබා දෙන බව කී නිසා ඉදිරිය ගැන බලාපොරොත්තු තබා ගෙන අපි බලා සිටින්නෙමු.

මේ තත්ත්වය මත වෘත්තීමය වශයෙන් ලෝකයේ ක ීඩකයින්ට ඇති පදනම මලල ක්‍රීඩා සංගමය හෝ කීඩා අමාත්‍යංශය ඇති කර නොමැති තත්ත්වයක් තුළ ජපනායේ තරග වදිමින් තමන්ගේ මුදල වියදම් කරගෙන ගිය වෘත්තීමය මට්ටමේ ඇතැයි කිව නොහැකි අරුණ දර්ශන සහ ගයන්තිකා අබේරත්න ද එම තරගවලදී එකතු කර ගත් ලකුණුවලට අනුව මෙවර හංගේරියාවේ බුඬාපේස්ට් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා ඇත. ඉතාම අඩු සැළකිල්ලක් දක්වන හෙල්ල වීසි කිරීම ඉසව්වෙන් හ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවශ්‍යය සුදුසුනම් ලබා ගැනීමට නදීකා දිල්හානි ලේකම්ගේ ට හැකි වී ඇති අතර ඇයට ජාත්‍යන්තර මට්ටමෙන් මේ කාලය තුළම තරග කරන්නට ලැබුණේ ගෙවුණු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය පමණි.

මේ දත්ත හරහා වෘත්තීමය මට්ටමේ ක්‍රීඩකයින් තමන්ගේ වියදමෙන් ජාත්‍යන්තර තරගවලට සහභාගි වීම ඉපැයීම සාමාන්‍ය තත්ත්වය වුවත්,ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නිර්මාණය වී නැති අතර පළල වැඩ පිළිවෙලකින් ක්‍රීඩා අමාත්‍යංශයේ දසහය රැඟෙන එවැනි තැනකට රටේ මලල ක්‍රීඩාව ගෙන යන්නට ජාතික මලල ක්‍රීඩා සංගමයට සැළසුමක් තිබිය යුතුව ඇත.

මෙවර ජාතික සූරතාවලියේ දී මීටර් 400 සහය දිවීම වෙනුවෙන් ප්‍රේක්ෂකාගාර පිරී ගිය ආකාරයට ප්‍රේක්ෂකාගාර පුරවන්නට ශ්‍රී ලංකාවේ ජනතාව අතරට මලල ක්‍රීඩාවට ආදරය හිතෙන හැඟීම් සමඟ මලල ක්‍රීඩාව ගෙන යාම ද පරිපාලනයේම කොටසක් බව තේරුම් ගෙන කටයුතු කළ යුතුය.ක්‍රීඩා පරිපාලනයට එවැනි හැඟීමක් ඇතිවන ආකාරයට ක්‍රීඩකයින්ව ආමන්ත්‍රණයට හෝ හැඟීමක් උවමනාවක් නැති පොළවක,ජාතික මට්ටමෙන් පවත්වා ගෙන යන සංචිතවලට සුදුසු වූ ක්‍රීඩකයින්ට ඒ සඳහා අවශ්‍යය පහසුකම් දීමට ඔවවක් නැති නිලධාරින් සහ දේශපාලකයන් මෙහෙයවන ක්‍රීඩා අමාත්‍යංශයට මේ සහභාගීත්වයේ ගෞරවය බෙදා ගන්නට හැකියාවක් නැත.එය කණගාටුවට කරුණක් මෙන්ම රටේ ක්‍රීඩාවේ අවාසනාවන්ත තත්ත්වයක්ය.එසේම එවැනි තත්ත්වයක දෙපැත්තක වැරදි දකිනු වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා පණතේ බලය යොදා ගෙන එය දේශපාලනීකරණයට ලක් වෙමින් රටේම ක්‍රීඩාව ජාත්‍යන්තරය ඉදිරියේ විසුළු සහගත තත්ත්වයට පත් කිරීම් අගය කරන්නේනම්, එයද අවාසනාවන්ත තත්ත්වයකි.

අලුත් මානයකින් ක්‍රිඩාව ක්‍රීඩකයා වෙත මෙන්ම සමාජය වෙත ද ගෙන යා යුතුව ඇත.එය හංගේරියාවේ බුඪාපේස්ට් පිටියට වැටෙන දහදිය වලට අරුතක් එකතු කිරීමේ අදහස ඇති සියලු ක්‍රීඩා ප්‍රේමීන් සිහි බුද්ධියෙන් කියවා ගත යුතු තත්ත්වයකි.ක්‍රීඩකයාට උඩින් කිසිවක්ම නිවැරදිම නැත.හිතකර ද නැත.ඊට විරුද්ධ විමේදී තමන්ගේ වෛරයට වඩා ක්‍රීඩාවට ඇති ප්‍රේමය කියවා ගැනීම වැදගත්ය.දේශපාලනයේ නියෝජිතයන් යනු දේශපාලකයන් තරමටම පිරිහුණ චරිත විය හැකි බැවින් පරිස්සමට හෙට දවස ගැන ක්‍රීඩාව තීරණය ගත යුතු බව සඳහන් කරම්න් හංගේරියාවට යන හොදම බලාපොරොත්තු අතරට පැමිණ තිබෙන මීටර් 400 පිරිමි කණ්ඩායම ලෝකයේ මුල් කණ්ඩායම් අතර 12 වන ස්ථානයේ සිටීම ගැන ආඩම්බර විය හැකිය.ඒ ඔවුන්ගේ හැකියාව මිස දියුණු වැඩ පිළිවෙලක පලය නොවන්නේය.පවතින තරගකාරී වාතාවරණය මත ඔවුන් බොහෝ විට බුඩාපේස්ට්වලින් යළි එන විට ශ්‍රී ලංකාවේ එම ඉසව්වේ ඔවුන් නමින් ලියැවී ඇති වාර්තාව යලිත් වෙනස් කරගෙන එන්නට ඉඩ ඇත.ස්ථානය කුමක් වුව තරගකාරීත්ව යතුළ සිය හොඳම දක්ෂතාවයට පිවිසෙන්නට සෑම ක්‍රඩකයෙක්ටම ක්‍රීඩිකාවක්ටම හැකියාව උදාවේවා යන්න අපේ පැතුමය.අඩුම තරමේ මේ අය වෙනුවෙන් ඉක්මණින් රාජකාරිමය වශයෙන් සිඳු කළ යුතු කාර්යයන් ටික ඔවුන්ගේ කකුල්වලට විඩාව නොදෙන ආකාරයෙන් කර දෙන්නට ක්‍රීඩා අමාත්‍යංශය සහ මලල ක්‍රීඩා සංගමය කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

ඔවුන්ගේ වියදම් දැරීමට මෙවැනි අවස්ථාවක හෝ අමාත්‍යංශයට හැඟීමක් පහළ වේනම් එය වැදගත්ය.නම් කර එවන නාම ලේඛණ වෙනස් කිරීමට පමණක් උත්සාහ නොකර එවැනි යෝජනාවක් අමාත්‍යවරයාට කරන්න ජාතික ක්‍රීඩා සභාවට බුද්ධිය හා කරුණාව පහළ වේවා යන්නද අපේ පැතුමය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan