මැගසින් බන්ධනාගාරයේ පෙරේදා (06) රාත්‍රියේ ඇතිවූ ගැටුමෙන් මියගොස් ඇත්තේ හෝමාගම කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති 35 හැවිරිදි අයෙකි.
මොහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයක්, මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබූ අයෙකු බව පොලීසිය පවසයි.
”හෝමාගම හඳයා” නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතින බව ද කියැවේ.
එමෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස පළමු අවස්ථාවේදී සැකයට ලක්වූයේ ද මේ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් ය.


