පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් දවටගහ පල්ලිය ඉදිරිපිට පෝස්ටර් ප්‍රදර්ශනයක් සහ විරෝධතාවක්!

Date:

කොළඹ LNW:පලස්තීනයට සහය පළකරමින් අදත් (09) කොළඹ දවටගහ පල්ලිය ඉදිරිපිටදී විරෝධතාවක් හා පෝස්ටර් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.

එම පෝස්ටර් ප්‍රදර්ශනය දරුවන්ගේ මූලිකත්වයෙන් සිදු වූ අතර ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් අසරණ වී සිටින දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙස බලකරමිනුයි එම පෝස්ටර් ප්‍රදර්ශනය සිදුකළේ.

ඊශ්‍රායල විසින් ගෙන යන මෙම ජන සංහාරය වහා නතර කරන ලෙස මෙම විරෝධතාවේදී බලකෙරුණ අතර පලස්තීනූවන්ගේ නිදහස තහවුරු කරන ලෙස ඊට මැදිහත්විය හැකි ජාත්‍යන්තර ප්‍රජාවෙන් විරෝධතාකරුවෝ තවදුරටත් ඉල්ලා සිටියහ.

ගාසා තිරයේ මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට 39,699ක් පලස්තීනූවන් ඝාතනය වී තිබෙන අතර 91,722 ක් තුවාල ලබා ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හද වේදනා මෙසේ රැයේ කියා – රාජු බණ්ඩාර සමුගනී !

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු...

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...