ඉන්දීය අගමැති පිළිගන්න චීනය සූදානමින්

Date:

කොළඹ LNW:මෙම වසරේ අගෝස්තු 31 සිට සැප්තැම්බර් 01 දක්වා චීනයේ ටියැන්ජින් නගරයේදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි සියලු සාමාජිකයින් වන 20කට වැඩි රටවල නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන 10ක ප්‍රධානීන් ද මෙවර සමුළුවට සහභාගී වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (08) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi මහතා ද ආරාධනයකට අනුව, එම සමුළුවට එක් වී චීනයේ නිල සංචාරයක නිරත වේද යන්න එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

මෙවර SCO හි ටියැන්ජින් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති Narendra Modi මහතා චීනයට පැමිණීමට නියමිත බවත් ඔහුව සාදරයෙන් පිළිගන්නා බවත් Guo Jiakun මහතා ඊට පිළිතුරු දෙමින් පැවසුවා. මෙවර ටියැන්ජින් නායක සමුළුව, ෂැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු පැවැත්වෙන විශාලතම සමුළුව වනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සදහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාණ්ඩාගාරය පිරවූ ආණ්ඩුවේ තියරිය විපක්ෂ නායකගේ ඇසින්!

කොළඹ LNW: ඉතිහාසයේ පළමු වරට වත්මන් රජය යටතේ මහා...

ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වීම දරුවන්ට කරන අසාධාරණයක් ද?

විශේෂ ලිපිකරුවකු විසිනිනොවැම්බර් 11, කොළඹ (LNW): අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලහිරු උදාරට ආර තුනේම නියෝජිතයෙක් වීමට අවස්ථාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ...

අල සහ ළුණු වලින් පාර්ලිමේන්තුව ඇවිලෙයි!

කොළඹ LNW:මේ වන විට අල, ළුණු ගොවියන් මුහුණ දී...