අතුරලියේ රතන හිමිත් හැංගිලා ?

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (07) රාත්‍රියේ එහිමි වැඩවසන රාජගිරියේ සදහම් සෙවණ අසපුව වෙත ගොස් ඇතත් එහිමියන් එහි රැඳී සිට නොමැති බව වාර්තා වේ.

එහිමියන් සිය ජංගම දුරකථනය පවා අක්‍රිය කරගෙන සැඟව සිටින බව සඳහන්.

අතුරලියේ රතන හිමියන්ව අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයන්නේ 2020 වසරේදී “අපේ ජනබල පක්ෂයේ” මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් උන්වහන්සේට තර්ජනය කර බියවද්දා එම පක්ෂය ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු ජ්‍යේෂ්ඨ දේශපාලනඥයකු පිළිබඳව ද විමර්ශන සිදුකෙරෙන බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය...

පාස්ටර් ජෙරොම් සහ කතෝලික පල්ලිය අතර වන කලබගෑනිය!

දෙසැම්බර් 28, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ නිහඬතාවය...

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...