බණ්ඩාරවෙලදී බස් රථයක් තුළදී සැමියා බිරිඳගේ ගෙල කපයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW:

සැමියකු බිරිඳගේ ගෙල තියුණු ආයුධයකින් කැපීමෙන් බිරිඳ බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පවසයි.ඒ බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ නවතා තිබූ මගී බස් රථයක් තුළදී බව වාර්තා වේ.

දෙදරු මවක් වන බිරිඳ තිස්දෙවන වියේ පසුවන බවත් ඔවුන් බණ්ඩාරවෙල ලියංගහවෙල බලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසන අතර, පවුල් ආරවුලක් මත මෙම සිද්ධිය වී ඇති බවත් බස් රථයේ පිටුපස ආසනයේදී සැමියා බිරිඳගේ ගෙලට පිහියෙන් ගසා ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව සැකකාර සැමියා මේ වන විට බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සැමියා විදේශ රටක රැකියාවක් සඳහා ගොස් සිට මෑතදී මෙරටට පැමිණ ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත. මෙම සිද්ධිය සම්බන්දයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...