බණ්ඩාරවෙලදී බස් රථයක් තුළදී සැමියා බිරිඳගේ ගෙල කපයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW:

සැමියකු බිරිඳගේ ගෙල තියුණු ආයුධයකින් කැපීමෙන් බිරිඳ බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පවසයි.ඒ බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ නවතා තිබූ මගී බස් රථයක් තුළදී බව වාර්තා වේ.

දෙදරු මවක් වන බිරිඳ තිස්දෙවන වියේ පසුවන බවත් ඔවුන් බණ්ඩාරවෙල ලියංගහවෙල බලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසන අතර, පවුල් ආරවුලක් මත මෙම සිද්ධිය වී ඇති බවත් බස් රථයේ පිටුපස ආසනයේදී සැමියා බිරිඳගේ ගෙලට පිහියෙන් ගසා ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව සැකකාර සැමියා මේ වන විට බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සැමියා විදේශ රටක රැකියාවක් සඳහා ගොස් සිට මෑතදී මෙරටට පැමිණ ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත. මෙම සිද්ධිය සම්බන්දයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...

මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා

කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...

බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : ගාල්ල බන්ධනාගාරයේ හෝ...

මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සිය දෙවැනි...