*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ප්‍රභාත් ජාත්‍යන්තර වෙයි

ප්‍රභාත් ජයසූරිය කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා ජූලි මස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තේරිම වි ඇත.ඊට හේතුව ඔහු තරග තුනකදී ඉණිම හයක් තුළ ප්‍රතිවාදී කඩුලු 29 ක් දවා ගැනීමය.ඔහු ඒ සඳහා තරග තුනක් තුළ යවා ඇති පන්දු ඕවර් ගණන 216.2 කි.ඒ අනුව ඔහු සෑම පන්දු ඕවර් හතකට පමණ වරක් කඩුල්ලක් දවා ගෙන ඇත.පන්දුනම් 42 ට ආසන්නය.ලකුණු 529 ක් වූ විට සෑම ලකුණු 20.37 ක් දී ඔහු කඩුල්ලක් ලබා ගනියි.පන්දු ඕවරයකට ඔහුගෙන් ප්‍රතිවාදීන්ට ලබා ගන්නට හැකි වී ඇත්තේ පන්දු ඕවරයකට ලකුණු 2.73 කි.

මෙය අතිශයින් විශිෂ්ඨ පන්දු යැවීමකි.එහිදී ඉණිම හතරකදීම ඔහු කඩුලු පහේ සීමාවට පැමිණ ඇති අතර එක් අවස්ථාවක කඩුලු හතරක් ද දවා ගෙන ඇත.වැදගත් මේ පන්දු යැවීම කණ්ඩායම ජයග්‍රහණය සඳහා පාදක වීමය.ඒ ජයග්‍රහණ ලබා දුන් කණ්ඩායම අතින් පරාජය වූයේ ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලදී එම කණ්ඩායමට ඉහළින් පිළිගැනීමක් ඇති දක්ෂ බවට ශ්‍රේණිගත කිරීම්වලදි සනාත කර තිබෙන කණ්ඩායම් දෙකක්ය.ප්‍රභාත් නිසා තරග ජයග්‍රහණය කළාක් මෙන්ම ශ්‍රී ලංකාවට වඩා ප්‍රබල සේ සැළකෙන ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට නොහැකි විය.පකිස්තානයට ද අත් වූයේ ඒ ඉරණමමය.

කඩුලු ලබා ගැනිම මෙන්ම එයින් තම කණ්ඩායමට සාමාන්‍ය පිළිගැනීම අනුව ඊට ඉහළින් සිටින කණ්ඩායම් පරාජය කරන්නට මෙන්ම තරගාවලිය සමාන කර සම තත්ත්වයේ පවත්වා ගෙන යාමටද ප්‍රභාත් ජයසූරිය දායක වී ඇත.පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලයේ විශාල ගැටළුවක්ව පැවතියේ ප්‍රභාත් කොළඹ ලුම්බිණියට අයිති ද මාතලේ ක්‍රිස්තු දේවයට අයිති ද යන්න පිළිබඳ සංවාදය ය.දැන් ඔහු ලෝකයම අගය කරන මොහොතේ අයිතිය තීරණය කරන හුණුවටය මැද්දෙන් ගෙන අතින් ඇදිම නවතා රට ලෝකයට ගෙන යන්නට අපි කරන ලද පරිත්‍යාගයක් යැයි පවසා ප්‍රභාත් රටට භාර දී සතුටු වන්නට පාසල් දෙකටම හැකිය.ඔහු පාසල් ක්‍රිකට්වලින් ඉවත්ව වසර 10 ත් වඩා ඔහුගේ දක්ෂතාවයට නිසි තැන ලැබෙන තෙක් ක්‍රිකට් ඇතුළේ ගසා ඇති රස්තියාදුව සුළු එකක් නොවේය.

ඒ අල්ලාගෙන සිටිමෙ හැකියාව සමස්ත රටටම පාඩමක්ය.ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ස්ථාවර වෙන්නට සටන් කරන තැන සිට ජාතික කණ්ඩායමට එන්නට පාර හදා ගන්නට ගත් උත්සාහය ඇතුළේ ද තියෙන්නේ ඔහුට ඔහු කෙරෙහි වූ විශ්වාසය ය.වසර දහයක් තමන් දෙස නොබලන ක්‍රිකට් කොයි මොහොතක හෝ තමන් සෙට හැරෙනකං ඔහු කළ ඉවසීම මෙන්ම කැපවීම අපූරුය.මෑත කාලයේ අවුරුදු 30 දී ජාතික කණ්ඩායමට පැමිණි පොළවේ පරිනත වූ ක්‍රීඩකයා ප්‍රභාත් ය.දැන් ඔහුට පසුගිය කාලයේ කණ්ඩායමට පැමිණි සුපිරි දඟ පන්දු යවන්නන් කලකට පසුව රිද්මයෙන් බැහැරව ඉවතට යාම හොඳින්ම අවබෝධ කර ගන්නට ප්‍රභාත් ස්විය ක්‍රිකට් රස්තියාදුව ඇතුළේ උපයාගත් අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නේනම් තව වසර ගණනක් යන තුරු ප්‍රභාත්ට කණ්ඩායමේ සිටිම අපහසු නොවනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan