ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම සම්බන්ධ මොණරාගල අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න – PAFFREL

Date:

ඡන්ද දායකයන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් මොණරාගල මහාධිකරණයේ ගොනුකළ පෙත්සමට අදාළ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා කියාකාරීත්වය (PAFFREL) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගරු සභාපතිතුමා,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.

2022-08-04

ගරු සභාපතිතුමනි,

ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම සම්බන්ධ 01 මැතිවරණ 2018 (මොණරාගල මහාධිකරණ ) මැතිවරණ පෙත්සමෙහි තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධවයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ විවිධ පාර්ශවයන් ඉදිරිපත් කල පැමිණිලි පදනම් කරගනිමින්, මැතිවරණ කොමිෂන් සභාව සිදුකල මූලික විමර්ශනය මත පදනම් වෙමින් ,මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් ලෙස අපගේ මැදිහත්වීම යටතේ පැවති උක්ත නඩුවේ තීන්දුවට එරෙහිව ගොනුකර තිබූ අභියාචනය 2022-06-07 දින නිෂ්ප්‍රභ විය.

මේ අනුව මොණරාගල මහාධිකරණය මගින් 2021-09-13 වන දින ලබාදෙන ලද තීන්දුවෙහි සඳහන් පරිදි පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් ආඥා පනතේ 82 (න) වගන්තිය අනුව පළමු වන වගඋත්තරකරු සභිකයෙකු ලෙස තෝරා පත්කරගැනීම අවලංගු වන අතර නඩුවේ පෙත්සම්කරු වන එම ඡන්ද විමසීමෙන් අදාල කොට්ඨාශය සඳහා දෙවෙනියට ඡන්ද ලබාගත් වනසිංහ මුදියන්සේලාගේ සුනිල් ශාන්ත වනසිංහ යන අය මදුරුකැටිය ඡන්ද කොට්ඨාශය සඳහා නීත්‍යනුකූලව තේරීපත්වූ සභිකයා බවට අධිකරණය තීරණය කර ඇත.

මෙම නඩු තීන්දුව ලබාදී දැනට අවුරුද්දකට ආසන්න කාලයක් ගතවී ඇති අතර අභියාචනය (SC/ SPL/228/2021)  ද නිෂ්ප්‍රභවී  දැනට මාස දෙකක් ගතවී ඇත.

පවත්නා තොරතුරුවලට අනුව පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥාපනතේ ප්‍රතිපාදනවලට අනුව ජයග්‍රහණය කල පළමු නඩුව මෙයයි. එමෙන්ම මැතිවරණ ඉතිහාසය පුරාම අඛණ්ඩව සිදුවන බරපතල මැතිවරණ දූෂණයක් වන, මැතිවරණ අල්ලස් ලබාදීම පිළිබඳව ලබාදුන් අතිශය වැදගත් නඩු තීන්දුවක් ලෙස මෙම නඩු තීන්දුව ඉතිහාස ගතවේ.

තවද මෙලෙස ඉතා දුෂ්කර අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසුව ලබාදුන් තීන්දුව ක්‍රියාත්මකවීම  ප්‍රමාදවීම නීතියේ ක්‍රියාකාරීත්වය මෙන්ම ඊට අදාල ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතා අප්‍රසාදය සහ අවිශ්වාසය ඇතිකරවන්නකි.

එමෙන්ම මෙම තත්ත්වය මෙහි පැමිණිලිකරු මෙන් තමාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් නීතියේ පිළිසරණ පතන පුරවැසියන් දුර්මුඛ වීමට හේතුවකි. තවද පවතින නීතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට තවදුරටත් නීතිය නොතකා කටයුතු කිරීමට පෙළඹීමට මෙය හේතුවිය හැක.

එබැවින් ස්වාධීන  මැතිවරණ කොමිසම ලෙස මේ පිළිබඳව කලහැකි මැදිහත් වීම සිදුකර  මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී හැරවුම්  ලක්ෂයක් සනිටුහන් කල මෙම නඩුතීන්දුවේ හරය යතාර්ථයක්  බවට පත්කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද මෙහි වග උත්තරකාර වත්මන් සභිකයා දිගින් දිගටම සභාවට නොපැමිණෙන බව දැනගන්නට ලැබී ඇති අතර යම්හෙයකින් ඒ හේතුව පදනම් කරගනිමින් ඔහුගේ සභික ධුරය අහෝසි කර, වෙනත් අයෙකු පත්වුවහොත් එහිදී ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැක.එබැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කරනමෙන් ද ඉලා සිටිමි.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...