කන්ට්‍රි ගීත පාරාදීසියේ සොඳුරු කිරිල්ලිය ඔලිවියා දැයෙන් සමුගනී..

Date:

ජාත්‍යන්තර සංගීත වේදිකාවේ සෝලෝ ගායිකාවන් අතර රාජකීයත්වයක් හිමිකර ගෙන සිටි ලොව සොඳුරුතම කටහඬක් හිමි ගායිකාවක් වන බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියානු ගායිකා ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රියතාවයක් ඉසිලූ ඔලිවියා 70 දශකයේ සංගීත ලොවට පිවිසෙන්නේ සොඳුරු ප්‍රේම ගීත රාශියක් ලොවට දායාද කරමිනි.

මිය යන විට ඈ 73 වන වියේ පසුවූ අතර, මරණයට හේතුව පිළිකා තත්ත්වයක් බවයි පැවසෙන්නේ. ඉතා සාමකාමීව ඔලිවියා සිය අවසන් හුස්ම තැබූ බව ඇගේ සැමියා වන ජෝන් ඊස්ටර්ලින්ග් ඊයේ (08) දින ඇගේ මරණය තහවුරු කරමින් පවසා තිබේ.

ලොවක් ආදරය කළ If You Love Me (Let Me Know), Hopelessly Devoted To You, Please Mister Please, Have You Never Been Mellow, Let Me Be There, Banks of the Ohio, Sam වැනි කන්ට්‍රි ගීත රාශියක් ඔලිවියා විසින් ගායනා කර ඇති අතර, ඒවාහි පිටපත් මිලියන ගණනක් ගෝලීය වශයෙන් අලෙවි කිරීමට ඈ සමත්ව තිබේ.

ඊට අමතරව ජෝන් ට්‍රැවොල්ටා සමඟ රංගනයෙන් දායක වූ ග්‍රීස් (Grease) නම් චිත්‍රපටය හරහා ඈ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය.

ඔලිවියා ට තිබුණේ පියයුරු පිළිකා තත්ත්වයක් වන අතර, ඈ එම තත්ත්වය සමඟ වසර 30 ක කාලයක් පොරබැදූ බව ද සඳහන්.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...