මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව හියුමන් රයිට්ස් වොච් රනිල්ගෙන් සහතිකයක් ඉල්ලයි !

Date:

නව ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට සහතික වියයුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරනවා.

පසුගිය කාලසීමාව තුළදී ශ්‍රී ලංකාව තුළ සිදු වූ මානව හිමිකම් ගැටලු රැසක් පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ ලිපියක මේ බව සඳහන් වේ.

‘වසර ගණනාවක වැරදි පාලනය සහ අයිතිවාසිකම් කඩකිරීම්වලින් පසු ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික සහ මානව හිමිකම් අර්බුදයකට මැදිව සිටී. අදහස් ප්‍රකාශ කිරීමේ සහ සංවිධානය වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම්වලට ගරු කරමින් ආරක්‍ෂක අංශවල අනිසි මැදිහත්වීම් අවසන් කරන අතරම සුදුසු සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් සහ ආවේණික දූෂණයට පිළියම් යෙදීමෙන් මහජනතාව තවදුරටත් දුෂ්කරතාවලින් ආරක්ෂා කිරීමට රජය ප්‍රමුඛත්වය දිය යුතුය’ යනුවෙන් අදාල ලිපියේ සඳහන් වේ.

ජනාධිපති තනතුරට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා දැවැන්ත අභියෝග රැසකට මුහුණ දී සිටින නමුත් හදිසි නීතිය වැනි හදිසි රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම, ක්‍රියාකාරී කණ්ඩායම් දැඩි සෝදිසි කිරීම්වලට ලක් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි හියුමන් රයිට්ස් වොච් දකුණු ආසියානු අධ්‍යක්ෂක මීනාක්ෂි ගංගුලි මහත්මිය සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

අප විසින් ලියන්නට යෙදුණ ‘මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...