පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අගමැති කාර්යාලයෙන් ප්‍රවාහන පහසුකම්

Date:

ඉන්ධන අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයීමට අග්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති තනතුරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට පසුගිය 19 සහ 20 දිනවලදී අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා මන්ත්‍රීවරුන් පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයා දී තිබිණි. මේ වනවිට ඉන්ධන අර්බුදය තරමක් සමනය වී ඇති නමුත් ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් පීඩා විඳිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තවත් මාස දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ප්‍රවාහන පහසුකම් සැපයීමට තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...