පාලිත නිසා රැඳුණු ශ්‍රී ලංකාවේ තිස් එක් වන තැන

Date:

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසානයේ පදක්කම් සටහනේ 31 වන තැන රැදෙන්නට ශ්‍රී ලංකාවට හැකි වෙනවා.ඒ F42-44/61-64 කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වෙන් පාලිත බණ්ඩාර ලබා දුන් රිදි පදක්කම නිසා.පාලිත ජයගත් රිදී පදක්කම ලෝකඩ පදක්කමක් වුවානම් ශ්‍රී ලංකාවට හිමිවන්නේ 39 වන තැනයි.
ජාත්‍යන්තර තරගාවලියක ස්ථාන තීරණය වන්නේ මුළු පදක්කම් එකතුව අනුව නොවන අතර වැඩිම රන් පදක්කම් ප්‍රමාණය පදනම් කරගෙනයි.ඒ සඳහා මෙම පදක්කම් සටහනෙන්ම උදාහරණයක් ගන්නේ නම් කෙන්යාව පදක්කම් සටහනේ සිටින්නේ 13 වන තැනය.ඔවුන්ගේ රන්,රිදී සහ ලෝකඩ පදක්කම් එකතුව 21 කි.නමුත් එතරම් පදක්කම් එකතුවක් නැති උතුරු අයර්ලන්තය (එකතුව 18),ජැමෙයිකාව (එකතුව 15) පිළිවෙලින් 11 සහ 12 යන ස්ථාන නියෝජනය කරයි. ඒ ඔවුන් රන් හා රිදී පදක්කම් ලබා ගෙන ඇති ආකාරයටය.කෙන්යාවට රන් පදක්කම් හයක් හිමි වී ඇති අතර උතුරු අයර්ලන්තය ඉදිරියෙන් සිටින්නේ රන් පදක්කම් 7 ක් ලබා ගෙනය.කෙන්යාවේ සහ ජැමෙයිකාවේ රන් පදක්කම් ප්‍රමාණය සමාන අගයක් ගත්ත ද රිදී පදක්කම් සළක්දී ජැමෙයිකාව 6 ක් ලබා ගෙන සිටින අතර කෙන්යාව ලබා ඇත්තේ පහකි.ඒ අනුව පදක්කම් සටහනේ ජැමෙයිකාව ඉදිරියෙන් රැඳෙන්නේය. .
මේ ආකාරයට රන් නිමා වූ පසු ප්‍රමුඛත්වය රිදී පදක්කමට හිමි වන අතර රන් පදක්කම් සමාන කණ්ඩායම් දෙකක් අතරේ දෙවන තැන තීරණය වන්නේ ඔවුන්ට ඇති රිදි පදක්කම්වලට අනුවයි.ඒ අනුව පාලිත පැරා ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම ලෙස කවපෙත්ත F42-44/61-64 ඉසව්වේ මීටර් 44.20 ක් දක්ෂතාවයක් දක්වමින් දිනා දුන් රිදි පදක්කම ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ ඉහළට ගෙන එන්නට සමත් ව්ය.
එසේ නොවී පාලිතගේ පදක්කම ලෝකඩ පදක්කමක් වූවේනම් ශ්‍රී ලංකාවට 39 වන ස්ථානය දක්වා පහළ බැසීමට සිඳුවනු ඇත.ඒ නිසා පාලිතගේ පදක්කම ශ්‍රී ලංකාවේ ඉහළ යාම තීරණය කළ වැදගත්ම පදක්කමක් විය. .
පදක්කම් බෙදී ගිය ආකාරය දැක ගන්නට පහත සබැඳියෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් සටහනට පිවිසිය හැකියි.

https://results.birmingham2022.com/#/general-medals

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...