පොදු දේපල නීති මන්ත්‍රීවරුන්ට අදාල නෑ, එයාලට වෙනම නීතියක් – කැබිනට් ප්‍රකාශක

Date:

පාර්ලිමේන්තුව තුළ සිදුවන කඩාකප්පල්කාරී සිදුවීම් හෝ දේපල විනාශ කිරීම් හෝ සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරුන්ගේ එවැනි කටයුතු සම්බන්ධයෙන් අධිකරණයකදී ප්‍රශ්න කිරීමට හෝ නොහැකි බවයි ඇමතිවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

පාර්ලිමේන්තුව සිදුවන දේපළ හානි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවිය යුත්තේ පාර්ලිමේන්තුව හරහාම බවත්, ඊට අදාල සියලු බලතල කතානායකවරයා සතු බවත් පෙන්වා දෙන බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ කතානායකවරයා පියවර නොගන්නේ නම් ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ හැකි බවයි.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පසුගිය මාස කිහිපය පුරා පැවති අරගලයට සම්බන්ධ වූ පුද්ගලයන් පොදු දේපල පනත යටතේ දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා මෙම කරුණු සඳහන් කළේය.

අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවල තිබූ භාණ්ඩවලට හානි සිදු කිරීම ඇතුළු විවිධ චෝදනා යටතේ අරගලකරුවන් විශාල පිරිසක් මේ වනවිටත් අත්අඩංගුවට පත්ව සිටී. තවත් විරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොදු දේපල පනත යටතේ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූලව සිදුවන බවයි. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් එකී පනත යටතේ කටයුතු කළ නොහැකි බවද ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...