පොලීසියේ සමහරක් ලොකු මහත්වරුන්ට මේ අරගලය වහක්! (VIDEO)

Date:

නීතිය රැකීමට සිටින පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ට ජන අරගලය වහක් වී තිබෙන බව ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.

ඇය ඒ බව සඳහන් කළේ පසුගිය මැයි 25 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයෙන් අනතුරුව අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම ඉහළ නිලධාරීන් පත්වන්නේම ජරා මජර ක්‍රමය යටතේ වන හෙයින් ඔවුන් තවදුරටත් සේවය කරන්නේ එම පාලකයන්ට බවත් ඇය සඳහන් කළාය.

එහෙත් හොරා කෑ,අරගලයට ප්‍රචණ්ඩත්වය එවූ සියලු දෙනා අදටත් නිදැල්ලේ සිටින බවයි අබේරත්න මහත්මිය පැවසුවේ.

කලා ශිල්පිනියක් ලෙස තමන් පාරට බැස්සේ රටේම ජනතාව වෙනුවෙන් වන අතර වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටියදී අරගලය හොඳ වූ බවත් ජනාධිපති වීමෙන් අනතුරුව අරගලය නරක වූ බවත් ඇය ප්‍රකාශ කළාය.

අරගලයේ පිහිටෙන්ම ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහට අවසානයේ අරගලය නරක වූයේ කෙසේද යන්න පිළිබඳව ද ඇය ප්‍රශ්න කර සිටින ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...