නික්ම ගිය Leo ගේ Leo! Lionel Messi’s father Jorge Messi dies aged 68!

සටහන – පුලී

අගෝස්තු 09, LNW (කොළඹ): ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී වයස අවුරුදු 68දී අභාවප්‍රාප්ත වී තිබේ.

දීර්ඝ කාලයක් පුරා පැවති අසනීප තත්ත්වයකින් පසු ජෝර්ජ් මෙසී, ඉකුත් සෙනසුරාදා අලුයම ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේ පිහිටි රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ලයනල් මෙසීට වයස අවුරුදු 14 සිට ඔහුගේ නියෝජිතයා ලෙසද කටයුතු කළ ජෝර්ජ්, සිය පුත්‍රයා ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් අතරට පැමිණීමට පිටුබලය ලබාදුන් ප්‍රධාන පුද්ගලයෙකු ලෙස සැලකේ.

පසුගිය ලෝක කුසලාන තරගාවලිය අතරතුර ජෝර්ජ් මෙසීගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ විය. කෙසේ වෙතත්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර තිබුණේ නැත.

2022 කටාර් ලෝක කුසලාන තරගාවලියේදී ආර්ජන්ටිනාවට තෙවැනි ලෝක කුසලාන ශූරතාව දිනාදීමේ සිය පුත්‍රයාගේ සිහිනය සැබෑ වන අයුරු දැකබලා ගැනීමට ජෝර්ජ් මෙසී ද කටාර්හි සිටියේය.

ලයනල් මෙසීගේ පාපන්දු දිවියේ ආරම්භයේ සිටම ඔහුට මඟපෙන්වමින් සහාය දැක්වූ ජෝර්ජ් මෙසීගේ අභාවය පාපන්දු ලෝකයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...