සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා අර්බුදය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සාම සැලැස්ම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර ඇති බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල් අග්‍රාමත්‍යවර්‍යා මෙහිදී අවධාරණය කර ඇත්තේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන් නිරායුධ කරන තුරු ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් නොකරන බවයි.
ට්‍රම්ප්ගේ සැලැස්ම යටතේ හමාස් සංවිධානය නිරායුධ කිරීමත් සමඟ අදියරෙන් අදියර ඊශ්‍රායල හමුදා ඉවත් කිරීම සහ ජාත්‍යන්තර ස්ථාවර කිරීමේ බලකායක් ගාසා තීරයට යෙදවීම යෝජනා කර තිබේ.
මේ අතර, හමාස් සංවිධානය පවසා ඇත්තේ තමන් සාම සැලැස්මට කැපවී සිටින නමුත්, ඊශ්‍රායල ප්‍රහාර නතර කිරීමෙන් අනතුරුව සිය අවි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට සූදානම් බවයි.
ඒ අනුව, ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී හමාස් සංවිධානය නිරායුධ කිරීම සහ ඊශ්‍රායල හමුදා ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පවතින මතභේදය ප්‍රධාන බාධාවක් වී තිබේ.

