මත්ද්‍රව්‍ය සමග මාට්ටු වුණු මැදිරිගිරියේ ශ්‍රීලනිප ආසන බලමණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග

සටහන – රුවන් නෙළුගොල්ල

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගත් මැදිරිගිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

ඒ, ඔහු සහ ඔහුගේ බිරිඳ පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය 07 වනදා හිඟුරක්ගොඩ දොරදෙක හන්දිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබුණු අතර එහිදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් හමුවී ඇති බව සඳහන්.

චින්තක ටෙරන්ස් විජේරත්නගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...