විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෑත කාලයේ රෝහල් තුළ සිදුවූ මත්භේදයට තුඩු දුන් මරණ 06යෙන් පහකට බොහෝ දුරට හේතු විය හැක්කේ ඖෂධ ආසාත්මිකතාවන් බව ඒ පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව පවසන අතර එම සිදුවීම් පිළිබඳව ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමද සිදු කර ඇත.

නමුත් , වෛද්‍ය හා රෝගී රහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් එම සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෑත කාලීනව සිදුවූ අන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් සත් සාමාජික කමිටුවක් පත්කරනු ලැබූ අතර එමඟින් සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව එම කමිටුව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

එම විශේෂඥ වාර්තාව මඟින් නිර්දේශ 12ක් නිකුත් කර ඇති අතර , ජීවිත අවදානම් සහිත ආසාත්මිකතා කළමනාකරණය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ ඊට අදාළ යාන්ත්‍රණයක් සකස් කිරීම, ජීවිත තර්ජනයක් සහිත සිදුවීම් වාර්තා වූ අවස්ථාවන්හිදී නිසි සායනික විගණනයක් සිදුකිරීම, ඖෂධ ලියාපදිංචියේදී සහ අලෙවිකරණයෙන් පසුව අහඹු නියදි පරීක්ෂාවන් මඟින් රට තුළ භාවිත ඖෂධවල ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කිරීම ඇතුළු නිර්දේශ එම වාර්තාවට ඇතුළත් වේ.

අදාළ  විශේෂඥ කමිටු වාර්තාවේ නිගමනය වී ඇත්තේ කමිටුවේ අවධානය යොමු වූ මරණ 06යෙන් පහකට හේතු වී ඇත්තේ ඖෂධ ආසාත්මිකතාවන් බවත් එම අසාත්මිකතාවන්ට හේතුවූ  ඖෂධ සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තාද නොතිබූ බව එම වාර්තාවේ දැක්වෙන බවයි පැවසෙන්නේ .

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවී කුමුදේශ් මහතා,

“මේවා සාකච්ඡා විය යුතු කාරණා. මේවා දේශපාලනික කාරණා නෙමෙයි. මේවා ආණ්ඩු පෙරළන කාරණා නෙමෙයි. සෞඛ්‍ය සේවාව තවදුරටත් තියෙන තත්ත්වයෙන් දියුණු කරන්න උත්සාහ කරන කාරණා. ඒ නිසා අපි කියනවා ඖෂධ සඳහා පත්කරපු කමිටුව පිළිබඳව ජනතාව දෑස් දල්වාගෙන බලාගෙන හිටියා. ඒ බලගෙන හිටියට අපි නම් මුල ඉඳලම දන්නවා මේ කමිටුවට දීලා තියෙන වගකීම රටේ ඖෂධ ප්‍රශ්නයවත්, රටේ සෞඛ්‍ය ප්‍රශ්නයවත් නෙමෙයි. ඔවුන්ට ලබාදීලා තියෙන්නේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නයෙන් 1%ක් පමණ වන ඖෂධ ප්‍රශ්නය. එයිනුත් 1%ක් පමණ වන ආසාත්මිකතා ප්‍රශ්නය ගැන විතරයි අධ්‍යයනය කරන්න දීලා තියෙන්නේ. මහජනතාව වෙනුවෙන් පත්කළ කමිටු වාර්තාව මහජනතාවට වහාම ඉදිරිපත් කරන්න.”

ලෙස පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...