කාන්තාවක්ට එල්ල වූ මෝරෙකුගේ ප්‍රහාරයක් නිසා නිව්යෝර්ක් නගරයේ වෙරළ තීරය වසා දැමේ!

Date:

ඉකුත් සඳුදා සවස 50 හැවිරිදි කාන්තාවක් මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව නිව් යෝර්ක් නගරයේ ජනප්‍රිය රොක්වේ වෙරළ තීරය අඟහරුවාදා දිනයේ දී වසා දැමූ බව බලධාරීහු පවසති.

මෙම කාන්තාව පිහිනමින් සිටියදී මෝරෙකු ඇගේ කකුල සපා කෑ බව නිව් යෝර්ක් නගරයේ උද්‍යාන නිලධාරීන් පවසයි.

ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් කාන්තාව ජලයෙන් පිටතට ගෙන රෝහලට ගෙන යාමට පෙර ඇයට ප්‍රථමාධාර ලබා දී ඇත.

ඇයගේ කලවා ප්‍රදේශයේ ගැඹුරු කැපුමක් සමඟින් ඇය අසාධ්‍යව සිටි නමුත් ස්ථාවර තත්ත්වයක පසුවන බව නිලධාරීහු පවසති.

මෙම සිදුවීම මෑත කාලීනව රොක්වේ වෙරළ තීරයෙහි සිදු වූ පළමු මෝර ප්‍රහාරය බව වනෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අනවසර ඉදිකිරීමකට යළි ඉඩක් නැහැ – අගමැති සහතික වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන...

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...