පෞද්ගලික අංශයේ රැකියා කරන ප්‍රජාව වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම් වහාම ඉටු කරන්න – සජිත් රජයට කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පෞද්ගලික අංශයේ සේවය කරන සේවක ප්‍රජාවගේ සේවක සුරක්ෂිතභාවය, සේවක රැකවරණය, වේතනය පිළිබඳව පැහැදිලි ක්‍රමවේදයක් රටේ නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාරිභෝගික වියදම් කෙරෙහි සිදුවන බලපෑම, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය, රැකියා අස්ථාවරතාවය, කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත කඩාගෙන වැටීම, ඉදිකිරිම් අංශයේ පසුබෑම, උද්ධමනය, ජිවන වියදම් අර්බුදය, සේවක අර්ථසාධක මුදල් ලබාදීමේ ගැටලුව, ආදායම් බදු සංශෝධන ප්‍රශ්නය වැනි බරපතල අභියෝගවලට පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව මුහුණ දී සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු පෞද්ගලික අංශයේ වැඩකරන ප්‍රජාව මුහුණ දෙන අභියෝගවලට විසඳුම් දීම සඳහා ජාතික රැකියා ප්‍රතිපත්තියක් තිබිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩකරන ප්‍රජාවගේ රැකියාව, වේතනය, අතිකාල දීමනා වැනි අයිතින් සහ සුරක්ෂිතභාවය, සුබසාධනය, රැකවරණය තහවුරු කළ යුතු බවත් අවධාරණය කළේය.

ඒ අනුව, ජාතික රැකීරක්ෂා ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කර පෞද්ගලික අංශයේ රැකියා කරන ප්‍රජාව වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් වහාම ක්‍රියාත්මක කරන්න ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...