හරීන්ගෙන් සහ මනූෂගෙන් හිස්වුණු පාර්ලිමේන්තු ආසන ගැන සජබෙන් තීරණයක්

0
559

සටහන – රුවන් නෙළුගොල්ල

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වීමෙන් හිස්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සඳහා දැන්ම නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව එම පාර්ලිමේන්තු ආසන සඳහා නව මන්ත්‍රීවරුන් පත්කිරීම ජනාධිපතිවරණය අවසන් වූ වහාම සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සවස පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.