*
Friday, October 11, 2024
spot_img

Latest Posts

හරීන් BYE

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 10, (LNW) කොළඹ :

ක්‍රීඩා ඇමතිවරයෙක් ලෙස හරීන් යම් කිසි සාධනීය වැඩ කොටසක් කරන්නට උත්සාහ කළේය.එහෙත් ඔහුට සමීපම ක්‍රීඩාව වූ රගර් ක්‍රීඩාවේදී ඔහු සිර විය.නාමල් රාජපක්ෂ විසින් කරන ලද වැරද්ද රොෂාන් රණසිංහ ද කර තියාගෙන ගිය අතර එය යම් ආකාරයකට විසඳා නැවත ගැටළුවක් කරා ගෙන යන්නට හරීන් ද නිහඩව ඉඩ දී බලා සිටියේය.


හරීන් විසින් පත් කරන ලද ඔම්බුඩ්ස්මන්වරයා පවා මේ ප්‍රශ්නයේදී හරීන් විශ්වාස නොකළ බව අපි දැක්කෙමු.ඔහු පවා යම් යම් කරුණු ගැන විමසා බැලීම ආදි කරුණු සම්බන්ධයෙන් කරන ලද නිර්දශෙ නොදුටු නියාව කටයුතු කළ හරීන් බොහෝ දේ හොඳින් කර ඉතුරු කර යන රොඩ්ඩ බවට රගර් ගැටළුව පත් කර ගත්තේය.


ඇමතිවරු වට කර ගත්තේම රගර් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් කළ,රගර් පරිපාලනය ණය කළ,රටේ ක්‍රීඩා නීතියට පටහැනිව වැඩ කරමින් රගර් පරිපාලනයට අත දමන,විවිධ මූල්‍ය වංචා නිසා තමන් උගත් පාසලට වද්දා නොගන්නා චරිතය.ඒවා ශ්‍රී ලංකාවේ ඇමති එක අතකින් ද,විදේශ බලධාරීත්වයන් තව අතකින් ද අල්ලා ගෙන හරීන් ප්‍රනාන්දු යන විට ලංකාවේ රගර් ක්‍රීඩාවේ ආධිපත්‍යය ව්‍යවස්ථාවකින්ම තමන්ට පවරා ගෙන අවශ්‍යය ආකාරයට අනුභව කරන්නට සූදානම් කරමින් තිබිණ.


ලංකාවේ රගර් ඉතිහාසය ද,ජාත්‍යන්තරයම අවධානය යොමු කරමින් විමධ්‍යගත කළ ව්‍යවස්ථාවද තව දුරටත් විසිරෙන තත්ත්වයකින් ක්‍රීඩාවේ ප්‍රාදේශීය බලය තහවුරු කළ යුතුව ඇත.එහෙත් එම ව්‍යවස්ථාව ක්‍රීඩා සමාජ කිහිපයකට අවශ්‍යය විදිහට වැඩ කරන්න හකුලා දෙන්නට සහ අලුත් ක්‍රීඩා සමාජවලට පළමු ශ්‍රේණියට එන්නට ඒ හැකියාවන් මත ඉඩ සළසමින් වාර්ශිකව පළමු ශ්‍රේණියේ රගර් කණ්ඩායමක් දෙවන කාණ්ඩයට ඇතුල් වෙන විදිහට සහ දෙවන කාණ්ඩයේ කණ්ඩායමත් පළමු කාණ්ඩායට එන ලෙස කටයුතු සකසන ක්‍රමයකින් පළමු ශ්‍රේණිය සහ දෙවන ශ්‍රේණිය අතර සමීප ඉහළ තරගකාරීත්වයක් ඇති කිරීමේ තීරණවලට නොපැමිණ,ලෝකයත්,ආසියාවත් අල්ලාගෙන සෙල්ලම් දමමින් සිටි පිරිසක් සමඟ කළ රංගනය අවසන් කර දැන් හරීන්ට ද යන්නට සිඳු වී ඇත.


නොසළකා හරින ලද තත්ත්වය ආසියානු සභාපතිවරයාට අත්තනෝමතිකව නිවැරදි පරීක්ෂණයකින් තොරව ශ්‍රී ලංකාවේ රගර් ගැන ක්‍රියා කරන්නට ඉඩ දීම තවමත් පවතින්නේය.ආසියානු ඔලිම්පික් කමිටුව සහ ජාතික ඔලිම්පික් කමිටුව ද ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙල ද අහිමි කරන්නට උත්සාහ කරද්දී ආසියානු රගර් සංගමයට තමන්ගේ තත්ත්වය සිහිපත් කර දුන්නත්,දේශිය වශයෙන් එරට රගර් ව්‍යවස්ථාව අනුව පත් වූ රගර් සංගමයකට පිටින් දේශපාලකයන් සමඟ එක්ව එරට රගර්වලට බලපෑම් කරන්නට ආසියානු සභාපතිවරයාට අවසර නැති බව පෙන්නා දීම වෙනුවට ඇමතිවරු කළේම ලංකාවේ රගර් ව්‍යවස්ථාව නොසළකා,ලංකාවේ රගර්වල අපකීර්තිමත් චරිත සමඟ ලංකාවේ රගර් ව්‍යවස්ථාවට පහර දීමය.අවසාන වශයෙන් ඊට එරෙහිව සටන් කළ රගර් පරිපාලනයේ වැඩ බලන සභාපති වූ පුද්ගලයාද,තමන් නියෝජනය කළ පරිපාලනය පෙන් වූ අනන්‍යතාවය පෙන්නමින්,තමන්ටද ඉතිහාසයේ උරුම කර දී තිබූ ශ්‍රී ලංකාවේ රගර්වලට ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ අපකීර්තිමත්ම සිඳුවීමේ හවුල්කාරීත්වය මත පිහිටා ඔහුද රගර් අනුභව කිරීමේ කණ්ඩායමේ අයට මේසය සකසා,කෑම සපයන වේටර්වරයෙක් බවට පත් විය.


ඉස්සෙල්ලාම හරීන් යන විට ඔහු විසින් යම් ආකාරයක දැනුවත්භාවයක සිටිමින් විසඳා යන්නේ නැති ප්‍රශ්නය බවට රගර් තබා යන බව කිව්වත් අනෙකුත් ක්‍රීඩාවල ස්වාධීනත්වයට ඉඩ දුන්නේය.විශේෂයෙන් හරීන් ප්‍රනාන්දුගේ නායකත්වය නොලබා ක්‍රීඩා අමාත්‍යංශය රොෂාන් රණසිංහ පන්නයේම පුද්ගලයෙක් අතට පත්ව තිබුණේ නම් අපට මෙවර ඔලිම්පික් ගැන ලියන්නට දෙයක් ඉතුරු වන්නේ නැත.හරින් කිසිඳු ක්‍රීඩාවකට මුදල් නැති බණ කියමින් සංචාර වළක්වමින් බාධා කරමින්,කණ්ඩායම්වලට තමන්ගේ අතින් සංචාරය කරන්න නම් කරන පුද්ගලයන්ට පවා බාධා කරමින්,තමන්ගේ ක්‍රීඩා ඇමතිකම ක්‍රිඩා පරිපාලනවලට දැනෙන්නට කියමින් විවිධ බාධාවන් කළ සහ අවශ්‍යය ආධාර මුදල් සොයා නොඳුන් රොෂාන් රණසිංහ නික්ම ගිය පසු,ශෙමාල් ප්‍රනාන්දු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ ගත් පියවර නොවන්නට අපට මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිවෙකු දකින්නට නොලැබෙන්නටත් තිබිණ.විශේෂයෙන් සුදුසුකම් ලබා මේ ක්‍රීඩා උළෙලට කිසිවෙකුටවත් සහභාගි වෙන්නට අවශ්‍යය ප්‍රමාණයට තරග වඳින්නට උපකාර නොලැබෙන්නට තිබිණ.

ඒ නිසා එවැනි වැඩ කොටසක් සිඳු කළ,බොහෝ තැන්වල ස්වාධීනත්වය ඇති කළ සහ රගර් වැනි තැන්වල හිතමිත්‍රාදීන් රැක ගැනීමට ක්‍රියා කළ හරීන්,මෑත කාලයේ පත් වූ අමාත්‍යවරුන් හා සසඳද්දි ක්‍රීඩාවට ආදරයෙන් සැළකූ සහ බලාගත් ඇමති කෙනෙක් බව කියන්නට අපි මැලි නොවෙමු.
එහෙත් මේ දේශපාලන ක්‍රමයේම තිබෙන මජර වැඩවලට අනුව පාක්ෂක ජනතාවගේ ඡන්දය අවභාවිතා කර තමන්ගේ දේශපාලනයට ජනතාව දෙන වගකීම,පසුව තමන්ගේ බලය රැක ගැනීම පදනම් කරගෙන වෙනස් කිරීම අවසන් කරන්නට අධිකරණය ලබා දුන් තීන්දුව ඓතිහාසිකය.

මේ හරීන්ට සහ හරීන්ට සමඟම ඒ තීන්දුවෙන් ඇමතිකම අත හැරිය මනූෂට පමණක් නොවේය.සමස්ත මහජන නියෝජිතයන්ට ජනතාව ලබා දෙන බලය පසුව තමන්ට කැමති තීන්දුවක් ගන්නට දෙන බලයක් ලෙස සිතා පක්ෂ මාරු කිරීමට,දේශපාන වරප්‍රසාද ලැබීමට භාවිතා කිරීමේ සංස්කෘතියට කළ නීතිමය අවහිරයක්ය.එය වැදගත්ය.


ඒ නිසා හරීන් කුමන වැදගත් මෙහෙවරක් කළ ද,එය කර ඇත්තේ තමන්ට ලැබුණු මහජන මතයට පිටු පා කියන කාරණය පිළිගත යුතුව ඇත.එය සාධාරණ නැති බවත්,අයුක්ති සහගත බවත් කියන අධිකරණය ගත් මේ තීරණය හරීන්ලාට මනූෂලාට වඩා මේ රටේ දේශපාලනයේ සිටින අපවිත්‍ර චරිතවලට එරෙහිව තමන්ගේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් සිය ඡන්ද දායකයාට පිටු පා නැඟී සිටීමේ වැඩවලට තිත තැබීමක්ය.එය ලංකාවේ දේශපාලන සංස්කෘතියේ යහපත්කම වෙනුවෙන් නීතියෙන් ලැබුණ වටිනා තීරණයක්ය.


එහෙත් ඉතා කෙටි කලක් තුළ හරීන් වැඩ කළ බව අපි විශ්වාස කරන්නෙමු.ක්‍රීඩාව වෙනුවෙන් වෙහෙසුණු බව අපි විශ්වාස කරන්නෙමු.ඒ වැඩ කරපු හරින් නිවැරදි තීරණ නොගෙන,නිවැරදි පුද්ගලයන් සමීප කර නොගෙන තමන්ගේ ගමනේන පැහැය අඩු කර ගත්තද,ඔහු නික්ම යන්නේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් විමසා බලන විට හිටපු හොඳ ක්‍රීඩා ඇමතිවරයෙක් විදිහටය.ඒ නිසා අපි හරින්ගේ නික්ම යාමේදී ඔහුට සුබ පතන්නෙමු.


කියන කියන දේ වෙනුවෙන් හිස නැමුණු,වචන නමනීය වූ,ඇඟිළි පක්ෂපාතී වූ මාධ්‍ය සම්බන්ධතා ද හරීන්ට තිබෙන්නට ඇත.අපි ප්‍රශස්ති සඳහා දායක නොවන්නෙමු.එවැනි දේ බලය අනුව පුද්ගලයා වෙනස් වෙවී පෙරට යනු ඇත.එහෙත් මේ වන විටම හරින්ට ඒවා හරහා හොඳ නොකියනු ඇත.අප මේ මොහොතේ ක්‍රීඩාව හැර යන හරින්ට සුබ පතන්නෙමු.ඔහු හොඳින් බොහෝ දේ කළ හිටපු ඇමතිවරු හා සසඳද්දී සාපේක්ෂව හොඳ කෙනෙක් බව අපි නික්ම යන මොහොතේ පවසන්නෙමු.


අප තබන ඇතැම් සටහන් ගැන හරීන් කිව්වේ දැනගෙන ලිව්වානම් හොඳයි යනුවෙන්ය.ඒවා හරීන් කිව්ව දේ හරිම දේ කියා විශ්වාස කරන බව පෙන්නූ මිනිස්සු අද හරීන් ගැන කියන්නේ මොනවාද යන්න වැදගත්ය.එවැනි වැරදි තේරුම් ගැනීම්,විවිධ හිත මිතුරුකම් බලය තියෙනකොට සුලබය.එහෙත් බලය නැති වූ විට හොඳයි කියා යන මිනිස්සුන්ට කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ ඉන් ලැබෙන ලාභයක් නොමැතිකම නිසාය.අප ක්‍රීඩාවට ලාභයක් අපේක්ෂා කරන්නෝය.එවැනි බොහෝ වටිනාකම් හරීන්ගෙන් ක්‍රීඩාවට ලැබුණ බව අපි ඔහුට බලය නැති මොහොතේත් කියන්නෙමු.
හරීන්!
හරිම දේ විතරක් කරන්න,හරිම මිනිසුන් විතරක් තේරුම් ගන්න. ජයවේවා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan