සිවිල් ආරක්ෂක නිලධාරීන් බලගන්වන්නත් සජිත්ගෙන් වැඩපිළිවෙලක්!

Date:

කොළඹ LNW:රජයට සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ කැපකිරීම අමතක වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට තුළ 32000ක් පමණ සිවිල් ආරක්ෂක නිලධාරින් පිරිසක් සිටින අතර ඔවුන් යුද ජයග්‍රහණය වෙනුවෙන් කළ කැපකිරීම රජයට අමතකව ගොස් ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

ඔවුන්ගේ එම කැපකිරීම් රු ලක්ෂ 30කට තක්⁣සේරු කර ඇති බවත් මේ ආකාරයට රටේ රණවිරුවන්ට අපහාස හා අවමාන කර ඇති බවත් හෙතෙම කියාසිටියි.

එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ සිවිල් ආරක්ෂක බලකාය ශක්තිමත් කරමින් මොවුන්ගේ සුරක්ෂිතභාව තහවුරු කරන යහපත් ප්‍රගතිශීලී වැඩසටහනකට යොමුවන බවයි ප්‍රේමදාස මහතා කියාසිටින්නේ.

එසේම ක්ෂේත්‍රයෙන් ස්වකීය කැමැත්තෙන් ඉවත් වන අයට සාධාරණ වන්දියක් ලබා දී නිසි ගෞරවය ලබා දෙන බවත් කවුරුවත් බලයෙන් ඉවත් නොකරන බවත් නව ක්‍රමවේදයකට ප්‍රවේශ වී ද්විත්ව අරමුණු සාක්ෂාත් කිරීමට කටයුතු කරන බවත් තවදුරටත් විපක්ෂ නායකයා පවසා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යයක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ එම පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවේදීය.

මේ ක්ෂේත්‍රය වටිනාම සම්පතක් බවට පත් කරන බවත් ඔවුන්ගෙන් රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙළකට යොමුවන බවත විපක්ෂ නායකවරයා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...