හීනෙන් බයවෙලා වගේ ජනාධිපතිවරයා කතා කළාට ආර්ථිකය ගැන අබමල් රේණුවක් සඳහන් කළේ නැහැ – විපක්ෂ නායක සජිත්

Date:

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ දීර්ඝ කතාවක් සිදුකිරීම නරක හීනයක් දැක සිදුකළ කතාවක් ලෙස සලකන බවත් ඒ කතාවේ කුරිරු සිහින ගැන කියන බවත් දෙසැම්බර් හෝ ඊට ආසන්නයේ සිදුවන කුමන්ත්‍රණ ගැන කියන බවත් තීරුබදු ගැටලුව ගැන විපක්ෂයේ කුරිරු සිහිනය උදාකරන්න හදනවා යැයි කියන නමුත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරක තීරුබදු ප්‍රශ්නය ආපු විගස රටක් ලෙස එකතු වන්නට අවශ්‍ය යැයි කියා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ දේශපාලන වාද භේද කුමක් වුවත් එකට සිට ගෙන මෙයට මුහුණ දෙන්නේය යන්න බවත් රජය බලයට පත්වූ පසු ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දුන්නත් රජය ඒවා ක්‍රියාත්මක නොකළ බවත් රට වෙනුවෙන් විපක්ෂය ඉන්නවා යැයි පුනපුනා කිව්වත් ජනාධිපතිවරයා නරක හීනයක් දැක ලොකු පීඩනයකින් ආතතියෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ කතාවක් ලෙස කතාවක් කළ බවත් විධිමත් විචාරාත්මක පරිශීලනාත්මක ඉදිරිපත් කිරීමක් ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කළත් එය නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති කියනවා වගේ කුරිරු සිහින අපි ළග නැහැ

ප්‍රතිචාරාත්මක තීරුබදු 44% සිට 20% දක්වා අඩුවන කාලයේ තමා ඉදිරිපත් කළ ට්විටර් පණිවිඩයට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සදහා දැමූ තීරුබදු 20% දක්වා අඩු කිරීම සතුටට කරුණක් බවත් මේ නිසා ශ්‍රී ලංකාව වියට්නාමය හා බංග්ලාදේශය සමග සම තත්ත්වයට පසුවන විට ඉන්දියාවට 25%ක තීරුබදු ගන්නා විට අප රටේ අපනයනකරුවන්ට සැබෑ තල්ලුවක් ගැනීමට මෙය 15% දක්වා අඩු කිරීමට ඉලක්ක කර ගත යුතු බවත් ඒ වෙනුවෙන් වෙළෙද ආර්ථික විශේෂඥයන් සහ ආර්ථික කණ්ඩායමක් අප සතුවිය යුතු බව පැවසූ බවත් මෙහි කුරිරු සිහිනයක් ඇත්තේ කොතැනද කියා ප්‍රශ්න කරන බවත් අමාරු අවස්ථාවේ ජනතාවගේ හා රටේ අපේක්ෂා අමතක කර කුරිරු සිහින නිර්මාණය කරනවා යැයි පැවසීම වැරදි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඔලුගෙඩි මාරුවෙන් බලය ගන්න අපිට අවශ්‍ය නැහැ

ජනාධිපතිවරයාගේ කතාවේ දෙසැම්බරයේ වෙනසක්, ඊට පසු වෙනසක් ගැන කිව්වත් එවැනි වෙනසක් සිදුවිය යුත්තේ ජනතා ඡන්දයෙන් පමණක් බවත් ඔලුගෙඩි මාරුවීමෙන් එය සිදු නොවිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා සදාකාලික බලයක් ගැන සිතා සිටියත් ජන මතයට හිස නොනැමූ නිසා ජනතාව පාරට බැස බවත් 2022 පවා සිදු වූයේ ස්වාභාවික අරගලයක් බවත් මේ විවාදයේදී අපේක්ෂා කළේ එවැනි දෙයක් නොව විශ්ලේෂණාත්මක ආර්ථික ඉදිරිපත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

අද ඇති එකම කුමන්ත්‍රණය රජය කියපු දේවල් නොකර සිටීමයි

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා එය ඉටු නොකරන කුමන්ත්‍රණය අද තුනෙන් දෙකක බලයෙන් ක්‍රියාත්මක බවත් ජනතාව රවටා අන්දවා මංමුලා කරන ජනතාවට ටොම් පච කියන කුමන්ත්‍රණය නම් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා විපක්ෂය කටයුතු කරන්නේ පොදු ජන මතය අනුව මිස ඔලුගෙඩි මාරුවීම්වලින් නොවන බවත් එම නිසා ජනතාවට කළ බොරුව නිවැරදි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

ආර්ථික වර්ධනය ජනාධිපතිවරයාට අමතක වෙලා

අප රටට වේගවත් අපනයන වර්ධනයක් ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් ජනාධිපතිවරයාට එය අමතක වී ඇති බවත් අද දුප්පත්කම බරපතල ගැටලුවක් වී ඇති බව ජනාධිපති දන්නවාද කියා ගැටලුවක් ඇති බවත් රටේ දුප්පත්කම රටම වෙලාගෙන ඇති බවට දත්ත කේන්ද්‍රීය පර්යේෂණ මගින් පෙන්වා දී ඇති බවත් ග්‍රාමීය නාගරික මෙන්ම පළාත් 9ම 45%ක් දුප්පත් බවත් මේ දුප්පත්කම තුරන් කරන්නට රජයට වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාට තමන් කවුද කියල අමතක වෙලා

අස්වැසුම විසදුමක් නොවේ යැයි රජය කිව්වත් රජයට නව වැඩපිළිවෙළක් ගැන උත්තරයක් නොමැති බවත් අප රටට සෘජු විදේශ ආයෝජන ගෙන එන්නට ඇති වැඩපිළිවෙළවත් නොමැති බවත් ජනාධිපතිවරයාට එතුමා ජනාධිපති බව අමතක වී විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම කතා කරන බවත් විරැකියාව වැඩි වී කර්මාන්තශාලා වැසී ගියත් තරුණයන්ට දෙන්න උත්තර නොමැති බවත් මේ යන විදිහට 2028 විදේශ ණය ගෙවීම සිහිනයක් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය ආයතන කියන ආකාරයට ආර්ථික වර්ධන වේගය 5%ක් විය යුතු වුවත් මේ වසරේ එවැනි ඉලක්කයක් ඇත් ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් වාර්තා වන ආකාරයට එය 3.5%ක් බවත් පෙන්වා දුන්නේය.

පොදු ජනතාව අතරට ගොස් සත්‍ය සොයා බලන්න

පොදු ජනතාවගේ හද ගැස්ම හදුනා ගෙන පොදු ජනතාව අතරට ගොස් සොයා බලන ලෙසත් පාර්ලිමේන්තුවේ පම්පෝරි නොගහ මානුෂීය වී සදලුතලවලට නොසිට ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කර ගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් කිසිදු දේශපාලන කුමන්ත්‍රණයකට ප්‍රගතිශීලී විපක්ෂය එක් නොවන බවත් 61 වතාවක් අගමැතිකම ගන්න කියා කියූ බවත් ඒ කිසිදු අවස්ථාවක දේශපාලන කුමන්ත්‍රණ සිදු නොකළ බවත් බලය ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජපක්ෂලා අපේ අභ්‍යවකාශ අයිතිය ටෙන්ඩර් නැතිව සමාගමකට දීලා. රොකට් එකේ දාලා සල්ලි යැව්වාද දන්නෙත් නෑ – ඇමති වසන්ත

ශ්‍රී ලංකාවට රොකට්ටුවක් යැවීම සඳහා අයිති අභ්‍යවකාශ සීමාව රාජපක්ෂලා...

හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට සැත්කමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක්...

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...