සාර්ථකව අවසන්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW :

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු බාධාවකින් තොරව පැවැත්වුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පෙරවරු 09:30ට විභාග මධ්‍යස්ථාන 2,787කදී නියමිත වේලාවට විභාගය ආරම්භ වූ බවද සඳහන් වේ

මහරගම අපේක්ෂා රෝහලේ ද විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණ අතර, පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් සිව් දෙනෙක් වෙනුවෙන් එලෙස විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බවයි , විභාග කොමසාරිස් ජනරාල් ඒ කේ එම් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.

එහෙත් විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පිරිමි දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට මහරගම අපේක්ෂා රොහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණ අතර, ඒ අනුව වහා ක්‍රියාත්මක වූ විභාග දෙපාර්තමේන්තුව එම දරුවා වෙනුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබූ බව පැවසේ. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් එම දරුවා විභාගයට පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගැහැණු දරුවන් සිව් දෙනා ද අපේක්ෂා රෝහලේ සිට විභාගයට පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් දිවයිනේ ස්ථාන කිහිපයක විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබූ බවද පැවසේ.

මේ අතර අද දිනයේ පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට අපේක්‍ෂාවෙන් සිටින බව විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොලිස්පති දේශබන්දු ට දැන් හිමි තැන…?

ධූරයෙන් ඉවත් කර සිටින හිටපු පොලිස්පති තෙන්නකෝන් මහතා දැන්...

ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025...

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...

ශ්‍රී ලංකාව අමෙරිකාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද?

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : ලොව බලවත්ම රාජ්‍යය...