ඉන්දු-චීන-ශ්‍රී ලංකා අර්බුදයකට හේතු වූ චීන නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදාල නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 680 ක් දුරින් පැමිණෙමින් තිබෙන බවයි.
මෙම නෞකාව ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඉන්දීය රජය විරෝධය දැක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට වරාය වෙත පැමිණෙන ගමන අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබෙනවා.
චීන බළධාරීන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතාවලට බලපෑම් කිරීමට ඉන්දියාවට අයිතියක් නොමැති බවයි.
චීන නෞකාව හෙට (11) දිනයේදී හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිතව තිබූ නමුත් මතු වූ අර්බුදකාරී තත්වය හමුවේ එය තවත් දින කිහිපයකින් ප්‍රමාද වනු ඇත.
UN