තෙල්, වරාය, විදුලි සේවකයන් නිකං ඉඳං පඩි ගන්නවා, ඒ මදිවට බෝනසුත් දෙනවා – එස්.බී.

Date:

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළයුතු බවත්, සේවකයන්ට අවශ්‍ය පරිදි එවැනි පාඩු ලබන ආයතන නඩත්තු නොකළ යුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට හෝ අදාල ආයතන උපයන මුදල් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ පෞද්ගලික අංශයට ලබාදුන් සැනින් ඒවා ලාබ ලබන ආයතන බවට පත්වන බවයි.

විශේෂයෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය, වරාය වැනි ආයතනවල සිටින ඇතැම් සේවකයන් කිසිදු රාජකාරියක නිරත නොවී ලක්ෂ ගණන් වැටුප් ලබන බවත්, එම ආයතන පාඩු ලබන තත්වයට පත්වීම සඳහා එය ප්‍රබල හේතුවක් වන බවත් දිසානායක මහතා පවසනවා.

ආයතන පාඩු ලැබුවද සේවකයන්ට බෝනස් පවා ලබාදෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ තෙල් සංස්ථාවේ සේවකයන්ට වසරකදී බෝනස් 03 ක් ලබාදෙන බවයි. ජනතාවට අවශ්‍ය ඉන්ධන ලබාදීමට නොහැකිව, ඉන්ධන පිරිපහදු කටයුතුද සිදු නොකරන සේවකයන්ට බෝනස් ලබාදීම කෙතරම් සදාචාර සම්පන්නදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

මේ සඳහා ඇති එකම විසඳුම පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම බවයි එස්.බී. දිසානායක මහතා අවධාරණය කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...