අද (10) දවසේ වැසි තත්වය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අගෝස්තු 10) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...