සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 1990 දශකයේ මැන්චෙස්ටර් ප්‍රදේශයේ ළමා ලිංගික අපයෝජන සිද්ධියකට අදාළව චෝදනා එල්ල වී ඇති පාකිස්තාන දේශපාලනඥයෙකු වන රුක්සාර් අහමඩ් (Rukhsar Ahmed), බ්‍රිතාන්‍යයට යළි පැමිණෙන දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.
අදාළ චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිස් පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින ඔහු, පසුගියදා පාකිස්තානයේ පැවති මැතිවරණයකදී මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව තිබේ.
1990 දශකයේ මැන්චෙස්ටර් ප්‍රදේශයේ ළමා නිවාසවල සිටි බාල වයස්කාර දැරියන් සම්බන්ධ සිදුවීම් කිහිපයක් පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, 2024 වසරේ ජූලි මාසයේදී මැන්චෙස්ටර් ගුවන් තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව ඇප මත මුදාහැරුණු ඔහුට බ්‍රිතාන්‍ය පොලිසිය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණද, නියමිත අවස්ථාවේදී එහි පැමිණීමට ඔහු අපොහොසත් වී ඇති බව සඳහන් වේ.
තමන්ට එල්ල වී ඇති චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරන අතර, මේ සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට අධිකරණ තීන්දුවක් මෙතෙක් ලබා දී නොමැත.
මේ අතර, ඔහු බ්‍රිතාන්‍යයට නැවත පැමිණෙන්නේ කවදාද යන්න පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

