ජාතික ජන බලවේගය බලයට පැමිණෙන විටත් 10,000 කට ඉඩ ඇති බන්ධනාගාර තුළ 30,000ක් සිටි බවත් මේ වනවිට එය 40,000 දක්වා වැඩිවී ඇති බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ප්‍රශ්නය – බන්ධනාගාර තුළ පවතින තත්වය මේ වෙනකොට පාලනය වෙලා තියෙනවාද ?
“සමනය වෙලා තියෙනවා. නමුත් විසඳන්න ගැටලු ගොඩාක් තියෙනවා, අපි ඒවා විසඳමින් යනවා”
ප්‍රශ්නය – සිවිල් ක්‍රියාකාරිකයින් සහ මීටපෙර සිරගත වෙච්ච දේශපාලන නායකයින් කියනවා මේ බන්ධනාගාර වධකාගාර බවට පත්වෙලා තියෙනවා කියලා ?
“පහසුකම් ගොඩක් අඩුයි. ඒකට හේතුව 10,000ක් ඉන්න ඕනෙ තැන 40,000ක් ඉන්න එක. අපි එනකොටත් 10,000ක් ඉන්න ඕනෙ තැන 30,000ක් හිටියා. අපි අර මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙනියන සටනෙන් ඒ බන්ධනාගාර ගැටලු මතුවෙලා තියෙනවා”
ප්‍රශ්නය – දැන් ඔබතුමන්ලා ඒක කඩිනමින් විසඳනවාද ?
“අවුරුදු 30ක් තිස්සේ කරපු නැති ඒවා කඩිනමින් කරනවා කියලා කොච්චර කාලෙකින්ද ඔයා මට කරන්න කියන්නෙ ? අපි ඉතා කඩිනමින් මේක කරන්න හැදුවත් යම් යම් දේවල්වලට කාලයක් යනවානෙ”
හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹදී පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.


