Jannik Sinner විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වෙයි…

රෂිකා හෙන්නායක අගෝස්තු 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ජැනික් සින්නර් සිය දකුණු දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඉදිරි සින්සිනාටි ඕපන් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මීට පෙර ඔහුට මොන්ට්‍රියල් මාස්ටර්ස් තරගාවලිය ද මග හැරුණු අතර, වෛද්‍ය උපදෙස් මත සිය සෞඛ්‍යය තත්ත්වය වෙනුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පවසයි.

ඔහුගේ ඉවත් වීම සිදු වන්නේ සුපිරි ක්‍රීඩක කාර්ලෝස් අල්කරාස් ද මැණික් කටුවෙහි ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත් වී ඇති පසුබිමක ය.

අගෝස්තු මස අගදී පැවැත්වීමට නියමිත යූඑස් ඕපන් තරගාවලියට පෙර ක්‍රීඩකයන් දෙදෙනාම සිය ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...