රෂිකා හෙන්නායක අගෝස්තු 10 , කොළඹ LNW :
මැලේසියාවේදී අත්අඩංගුවට පත් වූ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙකු ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් විසින් යළි දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
මෙම සැකකරුවන් අතර ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇති, ප්‍රකට අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ගෝලයෙකු ද සිටින බව වාර්තා වේ.
ඔවුන්ට එරෙහිව මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැසක් එල්ල වී ඇත.
සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පිරිස මෙරටට රැගෙන ඒමෙන් පසු විධිමත් විමර්ශන සහ නීතිමය පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙලෙස අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම හරහා සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


