බයිඩන්ට තර්ජනය කළ MAGA ට්‍රම්ප්ට වෙඩි

Date:

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, උප ජනාධිපති කමලා හැරිස් සහ මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥ ඇල්වින් බ්‍රැග්ට තර්ජනය කළ බව කියන යූටා ජාතික රොබට්සන් හෙවත් MAGA ට්‍රම්ප් ලෙස හැඳින්වූ අයෙකු අභ්‍යන්තර එක්සත් ජනපද බුද්ධි ඒජන්සිය වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් කරන ලද සෝදිසි කිරීමක් අතරතුර වෙඩි වැදීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

FBI සාමාජිකයන් විසින් යූටා හි ප්‍රෝවෝ හි පිහිටි ක්‍රේග් රොබට්සන්ගේ නිවසට බදාදා අලුයම සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මත ඇතුළු වන විට සන්නද්ධව සිටි අදාල පුද්ගලයා කරන ලද වෙඩි ප්‍රහාරයක් නිසා දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඔහුට වෙඩිවැදී ඇති බව වාර්තා වන අතර රොබට්සන්ගේ මරණයට සම්බන්ධ තත්වයන් පිළිබඳ තොරතුරු තවමත් නිකුත් කර නොමැත.

මෙම පුද්ගලයා පසුගිය සඳුදා දින සිය ෆේස්බුක් ගිනුමේ සඳහන් කර තිබුණේ, බයිඩන්ගේ යූටා සංචාරය ගැන තමා දැනගත් බවත් M24 ස්නයිපර් රයිෆලයේ දූවිලි පිරිසිදු කිරීමට අවශ්‍ය වනු ඇති බවත්ය.

මෙත් සමඟ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම පරික්ෂා කිරීමේදී හඳුනාගෙන තිබුණේ, මෙම පුද්ගලයා මීට පෙර අවස්ථාවක දී ද මේහා සමාන ප්‍රකාශ නිකුත් කර තිබීමයි. එනම් ඔහු සඳහන් කර තිබුණේ, මෙම කාලය ජනාධිපති ඝාතනයකට හෝ දෙකකට සුදුසු බවත් මුලින්ම ජෝ ඊට පස්සේ කමලා බවත්ය.

ඉන් අනතුරුව ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝර්ක්හිදී පළමු අපරාධ අධිචෝදනා ගොනු කළ දිස්ත්‍රික් නීතිඥ බ්‍රැග් ද ඉලක්කයක් වූ බවට පැහැදිලිවන ප්‍රකාශද නිකුත් කර ඇති අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ, බ්‍රැග්ගේ නළලේ ලස්සන සිදුරක් තැබීමට තමාට අවශ්‍ය වන බවයි.

මෙම සිදුවීමත් සමඟ ඊයේ(09)දිනයේදී රොයිටර් පුවත් ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය මේ වන විට 1970 ගණන්වල සිට නොදුටු මට්ටමේ දේශපාලන ප්‍රචණ්ඩත්වයකට ලක්ව ඇති බවත්, එයින් වැඩි හරියක් අන්ත දක්ෂිනාංශිකයින් විසින් මෙහෙයවන බවත් ය.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...