විමල්ගේ අයථා වත්කම් නඩුව : මූලික විරෝධතා සම්බන්ධ වාචික දේශනවලට දින දෙයි

Date:

සිය නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස ඉපයීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යා නොහැකි බවට ඒ මහතාගේ නීතීඥයින් විසින් ගොනුකර ඇති මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඔක්තෝබර් 27 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (09) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් අනුව ය.

2009 ජනවාරි 01 – 2014 දෙසැම්බර් 31 අතර කාලසීමාව තුළ අමාත්‍ය වරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන “දූෂණය” නමැති දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව 2016 වසරේදී ගොනු කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...