කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ලබන සිකුරාදා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන සිකුරාදා රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීම සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිතව ඇති බවත් , සිකුරාදා පෙරවරු 10.30ට එම කාරක සභාව රැස්වීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාට ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අද දිනයේ , වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ – ආර්ථික ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදයට ගැනීමට නියමිතව ඇති අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වී ඇති අතර මෙම කල් තැබීමේ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම විවාදයේ අරමුණ වන්නේ , වතු ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකිරීම බවද තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...