ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාර කිරීම අද!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර
අහෝස්තු 11, LNW මහනුවර:
සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (11) රාත්‍රී සිදුවේ.

රාත්‍රී 07 පසුවී මිනිත්තු 27ට දකුණු දිශාභිමුඛව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල පෙරහැර සමඟින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර වීදි සංචාරයට එක්වේ.

එම පෙරහැර දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.
පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී විදි සංචාරය කළ අතර පෙරහැර නැරඹීම සඳහා දේශීය සැදැහැවතුන් සහ විදේශීය සංචාරකයන් රැසක් සහභාගීව සිටියෝය. පළමු කුඹල් පෙරහැර නැරඹීම මගින් කුඩා දරුවන්ගේ අපල, උපද්‍රව දුරුවන බවට පවතින විශ්වාසය හේතුවෙන් දරුවන් රැසක් පෙරහැර නැරඹීම සඳහා සහභාගී කරවා ගෙන තිබිණි.
පළමු කුඹල් පෙරහැර දින සාධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් ඉන්දිරාජා ඇතු වන අතර බුරුම රාජා සහ කෝට්ටේ රාජා ඇතුන් දෑලේ ගමන් ගත්තෝය.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පළමු කුඹල් පෙරහැර ගමනට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...