*
Friday, October 11, 2024
spot_img

Latest Posts

එක්ස්ප්‍රස් පර්ල් විපතින් හානියට පත් පාර්ශ්වයන්ට වන්දි ලබා දීම ඉබි ගමනේ – සජිත් ගැටලු රැසක් පෙන්වයි (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම හේතුවෙන් රටේ සමුද්‍රීය පාරිසරික පද්ධතියට සිදු වු හානිය අතිවිශාල බවත් මෙහි දී ආර්ථිකමය හානියක් ද සිදුවූ බවත් නමුත් එයින් අගතියට පත් පාර්ශ්වවලට සම්පුර්ණ වන්දි මුදල් හිමි වී නැති බවත් මෙම වන්දි මුදල් ලබාදීමේ දී රජය මන්දගාමී ස්වරූපයකින් කටයුතු කරන්නේ යැයි පෙනී යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව මෙතෙක් එළිදක්වා නොමැති බවත් එය බරපතළ ගැටලුවක් බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා රටේ සියලුම දෙනාට එම වාර්තාව පරිශීලනය කිරීමට ලබාදිය යුතු හෙයින් එම වාර්තාව හැකි ඉක්මනින් එළිදක්වන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

එක්ප්‍රස් පර්ල් නෞකා අනතුර මගින් ධීවර ප්‍රජාව සඳහා රුපියල් බිලියන 2.5 ක වන්දි මුදලක් රක්ෂණ සමාගමෙන් ලබාදී ඇතැයි හිටපු අධිකරණ ඇමැතිවරයා පැවසූ බවත් එම වන්දි මුදල් බෙදි ගිය ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා පැවැසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (09) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ එක්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

විපතක් සිදුවුණු පසු විපතට භාජනය වුණ කණ්ඩායම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වන්දි තක්සේරුවක් සිදුකොට විපත සිදුකළ කණ්ඩායමෙන් එම වන්දි මුදල අය කරගැනීම කටයුතු කළ යුතු නමුත් එවැනි කටයුත්තක් එක්ප්‍රස් පර්ල් සිද්ධියේදී සිදුවී නැති බවත් විපත සිදු කළ පිරිසම තක්සේරු කර මුදලක් ලබාදී ඇති බවත් මෙවැනි ආකාරයට වගකීම් විරහිතව රජයක් කටයුතු කරන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට හැසිරීමට නොහැකි බවත් ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බවත් දේශපාලන නිදහසක් තිබෙන රටක් බවත් එම නිසා මෙවැනි ඛේදවාචකයකදී රටක් ලෙස තීන්දු තීරණ ගතයුතු බවත් සිදුවූ හානිය පිළිබඳව සහ එයින් විපතට පත් ප්‍රජාවට වන්දි ලබාදීම පිළිබඳව සැලැස්මක් විපත ඇතිකළ සමාගමට ලබාදිමට කටයුතු කළ යුතු බවත් විපත නිර්මාණය කළ සමාගම සමඟ සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් සාධාරණ වන්දියක් ලබාගැනීමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

එමෙන්ම එක්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ රසායකින ද්‍රව්‍ය සම්පුර්ණයෙන් ඉවත් නොකිරිම හේතුවෙන් එම රසායනික ද්‍රව්‍ය ක්‍රමයෙන් ජලයට මිශ්‍ර වී ඇති බවත් එය ජලය භාවිතයේදී සනාථ වී ඇති බවත් මීගමුවේ සිට වත්තල හැදල දක්වා වෙරළ තීරයේ ඇති ඉස්සන් කොටු ආශ්‍රිතව ද ගැටලු රැසක් ඇති වී ඇති බවද වාර්තා වූ බවත් මේ හේතුවෙන් ඉස්සන් කොටු පවත්වාගෙන යන පිරිස් දුෂ්කරතාවයට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය පියවරක් රජය ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan