ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණයට අදාළ තොරතුරු හැක් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ අභ්‍යන්තරික සන්නිවේදන තොරතුරු ඉරානය විසින් හැක් කර ඇති බව ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශක ස්ටීවන් චියුන්ග් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව, ස්ටීවන් චියුන්ග් සිය නිවේදනයේ සඳහන් කර තිබුණේ, මැතිවරණ ව්‍යාපාරයට අයත් ලේඛන එක්සත් ජනපදයට සතුරු විදේශ මූලාශ්‍රවලින් නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇති බවත්, එමඟින් 2024 මැතිවරණයට මැදිහත් වීමට සහ අපගේ ඩිමොක්‍රටික් ක්‍රියාවලිය පුරා අවුල් ජාලාවක් වැපිරීමට අදහස් කර ඇති බවත්ය.

කෙසේ නමුත්, ඉරාන හැකර්වරුන්ට හෝ ඉරාන රජයට ලේඛන කාන්දුව සම්බන්ධ වැඩිදුර විස්තර හෝ කිසිදු සාක්ෂියක් මෙහිදී මාධ්‍ය වෙත ලබා දී නොමැත.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටියදී ඉරානය සමඟ නොසන්සුන් සබඳතා පැවැත්වූ අතර ට්‍රම්ප් යටතේ, එක්සත් ජනපදය 2020 දී ඉරාන හමුදාපති කසෙම් සොලෙයිමානි මරා දැමීම හා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීම සිදු විය.

ඒ අනුව, ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ ඔහුගේ පළමු වසර හතර තුළ කළාක් මෙන් ඔවුන්ගේ ත්‍රස්තවාදය වෙනුවෙන් දැඩි තීරණ ගනු ඇති හෙයින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වැලැක්වීමට ඉරානය කුමන්ත්‍රණය කරන බවයි එක්සත් ජනපද මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...