ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණයට අදාළ තොරතුරු හැක් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ අභ්‍යන්තරික සන්නිවේදන තොරතුරු ඉරානය විසින් හැක් කර ඇති බව ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශක ස්ටීවන් චියුන්ග් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව, ස්ටීවන් චියුන්ග් සිය නිවේදනයේ සඳහන් කර තිබුණේ, මැතිවරණ ව්‍යාපාරයට අයත් ලේඛන එක්සත් ජනපදයට සතුරු විදේශ මූලාශ්‍රවලින් නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇති බවත්, එමඟින් 2024 මැතිවරණයට මැදිහත් වීමට සහ අපගේ ඩිමොක්‍රටික් ක්‍රියාවලිය පුරා අවුල් ජාලාවක් වැපිරීමට අදහස් කර ඇති බවත්ය.

කෙසේ නමුත්, ඉරාන හැකර්වරුන්ට හෝ ඉරාන රජයට ලේඛන කාන්දුව සම්බන්ධ වැඩිදුර විස්තර හෝ කිසිදු සාක්ෂියක් මෙහිදී මාධ්‍ය වෙත ලබා දී නොමැත.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටියදී ඉරානය සමඟ නොසන්සුන් සබඳතා පැවැත්වූ අතර ට්‍රම්ප් යටතේ, එක්සත් ජනපදය 2020 දී ඉරාන හමුදාපති කසෙම් සොලෙයිමානි මරා දැමීම හා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීම සිදු විය.

ඒ අනුව, ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ ඔහුගේ පළමු වසර හතර තුළ කළාක් මෙන් ඔවුන්ගේ ත්‍රස්තවාදය වෙනුවෙන් දැඩි තීරණ ගනු ඇති හෙයින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වැලැක්වීමට ඉරානය කුමන්ත්‍රණය කරන බවයි එක්සත් ජනපද මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...