ව්‍යාපාර සදහා සුදුසු පසුබිම සකසන බව ජනපති කියයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ (LNW):

ශ්‍රී ලංකාව මේ වන විට නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා කියා සිටින්නේ, ව්‍යාපාරවලට බලපා ඇති නීති රෙගුලාසි බොහෝමයක් ලිහිල් කර ව්‍යාපාර සදහා සුදුසු පසුබිම සකසන බවයි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ , මහනුවර දිස්ත්‍රික් වෙළෙද සංගම් නියෝජිතයන් සමග පැවති හමුවකදී පළාත්වල ආර්ථික බලය විමධ්‍යගත කිරීම සදහා පළාත් ආර්ථික සංවර්ධන මණ්ඩල පිහිටුවන බවයි.

මහනුවර එක්සත් වෙළෙද පෙරමුණ සංවිධාන කර තිබූ මෙම හමුවට සිංහල, දෙමළ මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයන් රැසක් සහභාගී වූ අතර , ඔවුන් සිය ව්‍යාපාරික ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කල බව සඳහන් වේ.. එමෙන්ම මෙම ව්‍යාපාරිකයන්ගේ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත භාරදීමද සිදු විය.

තමන්ට සහාය දක්වන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ අතර , හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ පූර්ණ සහායත් ජනාධිපතිවරයාට මෙහිදී හිමි විය..

තවද, හිටපු පළාත් පාලන අයාතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකටද ජනාධිපතිවරයා එක් විය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙල මෙහිදී හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වුණ අතර , හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ යෝජනා ඇතුළත් ලේඛණයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දීමද සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...

පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !

යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...