අල්-ෂිෆා රෝහල අසලදී මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්:මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW:

ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල මාධ්‍යවේදීන් සිටි කූඩාරමකට එල්ල කරන ලද ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අල් ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මොහොමඩ් කිරිකේ සහ කැමරා ශිල්පීන් වන ඊබ්‍රාහිම් සාහර්, මොහොමඩ් නූෆල් සහ මොමෙන් අලිවා යන අය බවයි .

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ සවස ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත පිහිටි කූඩාරමකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඝාතනයට ලක්වීමට සුළු වේලාවකට පෙර, 28 හැවිරිදි අල් ජසීරා වාර්තාකරුවෙකු වන අල්-ෂරීෆ්, ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට දැඩි ප්‍රහාර එල්ල කරන බව X සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මෙම ඝාතන සම්බන්ධයෙන් “ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ තවත් ප්‍රසිද්ධ ප්‍රහාරයක්” ලෙස අල් ජසීරා මාධ්‍ය ජාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන අතර, අල් ජසීරා වාර්තාකරු හනී මහමුද් පැවසුවේය.

මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබුවේ ගාසා තීරයේ පලස්තීනුවන් විඳිමින් සිටින කුසගින්න සහ මන්දපෝෂණය පිළිබඳ ඔවුන්ගේ නොනවතින වාර්තාකරණය නිසා බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ,මේ හේතුවෙන් ගසා තිරයේ සිටින මාධ්‍යවේදීන් මාස ගණනාවක් තිස්සේ තර්ජනයට ලක්ව සිටින බවයි. ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායල අවිවලින් ඝාතනයට ලක් වූ මාධ්‍ය සේවකයින් 230 ක් වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...