“ජාත්‍යන්තර සංචාරක රූ රැජින” දිනූ අපේ ආදිත්‍යා…

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW:

පිලිපීනයේ මැනිලා නුවරදී පසුගියදා පැවැත්වුණු “මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” තරඟාවලියේදී “ජාත්‍යන්තර සංචාරක රූ රැජින” ලෙස කිරුළ දිනා ගත් ආදිත්‍යා වැලිවත්ත, අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ.

එම තරඟාවලියට රටවල් 17 ක රූ රැජිනියන් එක්ව සිටි අතර, එහිදී ආදිත්‍යා වැලිවත්ත ජාත්‍යන්තර සංචාරක රූ රැජින කිරුළට අමතරව තරඟාවලියේ හොඳම ජාතික ඇදුම සහ තවත් සම්මානයක් දිනා ගැනීමටද සමත් වූ බව වාර්තා වේ.

දිවයිනට පැමිණි ඇය පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන්, ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන් වේ.