Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

Date:

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්, ඔවුන්ගේ අලගිය මුලගිය තැන්, සැමරුම්, ඉන්ටර්විව්ස්, රතු පලසෙහි ඇස් ගිය තැන්, උපන්දිනයන්.. එකී මෙකී නොකී දෑ දැන ගැනීමට හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

අගෝස්තු 11, කොළඹ (LNW): 1897 වසරේ අගෝස්තු 11 නම් අද වැනි දවසක එනිඩ් මේරි බ්ලයිටන් උපත ලැබූ අතර ඇය ඉංග්‍රීසි ළමා ලේඛිකාවකි. අද “Celebrity Buzz” ඇය වෙනුවෙන්!


එකළ වඩාත්ම සාර්ථක හා ඵලදායී ලේඛිකාවක් ලෙස සැලකූ ඇය, විශේෂයෙන් ළමා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ අද්විතීය කර්තව්‍යයක් ඉටු කළාය.

පන් පසිඳුවන්ගේ කිරීන් දූපතේ නිවස්නයේ සිට කදිම පාසලේ යටගියාවන් දක්වා සිංහල පරිවර්තනයන් සමඟින් උඩු දුවන ලාංකික ළමා කාලයට පණ දුන් ලේඛිකාවක් ලෙස එනිඩ් බ්ලයිටන් හඳුන්වා දිය හැකිය.



1930 ගණන්වල සිට බ්ලයිටන්ගේ පොත් ලොව පුරා වැඩි වශයෙන් අලෙවි වූ අතර පිටපත් මිලියන 600 කට වඩා ඒ අතර විය. එපමණක් නොව එකී පොත් භාෂා අනූවකට පරිවර්තනය කර ඇත. එක් වරක් ඇය වඩාත්ම පරිවර්තනය කරන ලද කතුවරිය සඳහා 4 වන ස්ථානය හිමිකර ගත්තාය.

අධ්‍යාපනය, ඓතිහාසික සිද්ධීන්, මනඃකල්පිත, අභිරහස් ඇතුළු පුළුල් පරාසයක මාතෘකා පිළිබඳව ඇය ඇගේ අත හැසිරවීය. ෆේමස් ෆයිව්, සීක්‍රට් සෙවන්, ද ෆයිව් ෆයින්ඩ්-අවුටර්ස් සහ මැලරි ටවර්ස් පොත් සඳහා ඇය නම් දැරූ ලේඛිකාවක වූ අතර, ශාන්ත ක්ලෙයාර්ස්, ද නෝටිස්ට් ගර්ල් සහ ද ෆැරවේ ට්‍රී මාලාව ඇතුළු තවත් බොහෝ දෑ ලිවීය.


ඇගේ පළමු පොත වන “චයිල්ඩ් විස්පර්ස්”, පිටු 24 කින් යුත් කවි එකතුව 1922 දී ප්‍රකාශයට පත් කරන ලද අතර ඇඩ්වෙන්චර්ස් ඔෆ් ද විෂිං-චෙයාර් (1937) සහ ද එන්චාන්ටඩ් වුඩ් (1939) වැනි ඇගේ මුල් නවකතාවල වාණිජමය සාර්ථකත්වයෙන් පසුව, බ්ලයිටන් සාහිත්‍ය අධිරාජ්‍යයක් ගොඩනඟා ගැනීමට ඇය සමත් විය.


ඇගේ ලිවීම සැලසුම් නොකළ එකක් වූ අතර බොහෝ දුරට ඇගේ අවිඥානික මනසින් පැන නැගුනු ලේඛන හැකියාව ඊට පදනම විය. සිදුවීම් ඇය ඉදිරියේ දිග හැරෙන විට ඇය ඇගේ කතා ටයිප් කළාය.

ඇගේ කෘතිවල විශාල පරිමාව සහ ඇය ඒවා නිෂ්පාදනය කළ වේගය නිසා බ්ලයිටන් අවතාර ලේඛකයින්ගේ හමුදාවක් සේවයේ යොදවා ඇති බවට කටකතා ද ඇති වීය.

Images : Internet

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...