තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW:

ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ දේශකයෙකු ලෙස ක්‍රියා කළ දයා ලංකාපුර මහතා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින්, 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12 (1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ නිර්දේශය පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.