සර්ව පාක්ෂික නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ …

0
4175

ලබන සතියේදී නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවලදී පළවූ අදහස් අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්ව පාක්ෂික පාලනයක් බිහිකෙරෙනු ඇති බව සඳහන්.

ඒ අනුව දැනට පවතින කැබිනට් මණ්ඩලයටම වෙනත් පක්ෂවලින් ද නියෝජිතයින් එක් කරමින් සර්ව පාක්ෂික පාලනයේ කැබිනට් මණ්ඩලය පත් කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN