වී අලෙවි මණ්ඩලයට ගොවියෝ වී දෙන්නේ නැහැලු!

Date:

කොළඹ LNW:වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි..

වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මේ වන විට ගබඩා විවෘත කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

වී මිල දී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් 08%ක පොලියක් යටතේ රුපියල් මිලියන 500ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කර ඇත.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව වී අලෙවි මණ්ඩලය විසින් ණය පදනම යටතේ ලබාගත් මුදල වී අලෙවි කර ගෙවීමට කටයුතු කළ යුතුව ඇතැයි ද වී අලෙවි මණ්ඩලය ලාභ උපයා පෙන්විය යුතු යැයිද මහින්ද අමරවීර අමාත්‍යවරයා කියාසිටියි.

වී අලෙවි මණ්ඩලය පසුගිය වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය බැංකුවලින් ගත් ණය මුදල අනුව තවත් රුපියල් මිලියන 24,000ක ණය මුදලක් ගෙවීමට තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...