*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

” සුවෙන් සිටිමු ශ්‍රී ලංකා” සමාරම්භක වැඩමුළුව අරලියගහ මන්දිර පරිශ්‍රෙයේදී

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): “සුවෙන් සිටිමු ශ්‍රී ලංකා” වැඩසටහනෙහි මූලික හැඳින්වීම සහ සමාරම්භක වැඩමුළුව ඊයේ (10) පස්වරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රෙයේදී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියත් කිරීමට නියමිත මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ, ලාංකීය ජන ජීවිතය මෙන්ම ඔවුන්ගේ මානසික , ශාරීරික  සෞඛ්‍ය තත්ත්වය  නගාසිටුවීම උදෙසා සමාජය දැනුවත් කිරීමට උත්සාහ ගැනීමයි.

මෙම වැඩසටහන පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මෙහිදී අදහස් දැක්වමින් කියා සිටියේ මෙය සුවිශේෂී කාලෝචිත වැඩසටහනක් වන අතරම රටේ සෑම පුරවැසියෙකුටම තමාට හිමි ජීවිතයේ වඩාත් සුවෙන් සිටීමට අවශ්‍ය දැනුම, ආකල්ප හා චර්යාත්මක දිරිගැන්වීම ලබාදෙන වැඩසටහනක් වනු ඇති බවයි.

මෙය සෞඛ්‍ය අමාත්‍යංශය අග්‍රාමාත්‍ය කාර්යාලය සමග එක්ව දියත් කරන වැඩසටහනක් වශයෙන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් මෙය හඳුන්වාදුන් දීම සිදු කළ අතර, මෙහිදී ප්‍රමුඛත්වය ගනිමින් මාධ්‍ය ආයතනද හවුල් කරගනිමින් සිදුකරන මෙම වැදගත් කර්තව්‍ය වෙනුවෙන් , අග්‍රාමාත්‍ය ලේකම්වරයාටද ලේකම්වරයා විසින් කෘතඥතාව පලකරනු ලැබීය.

මෙම “සුවෙන් සිටිමු ශ්‍රී ලංකා ” වැඩසටහනේදී  චර්යාත්මක හුරුපුරුදු, සහ ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඒ සඳහා සෞඛ්‍ය ආයතන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බවත් , මෙම වැඩසටහන පස් අවුරුදු සැලැස්මක් ලෙස ක්‍රියාවට නංවන බවත් පැවසීය.

තවද, ජනතාවගේ ඇඟට දැනෙන හිතට දැනෙන වැඩසටහනක් වශයෙන් මෙය ප්‍රවර්ධනය කිරීමෙන්  වඩාත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකරන ආකාරය මෙමගින් දැනුවත් කළ හැකි බවද අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය .

මෙහිදී , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් විය යුතු අතරම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ එකම බලාපොරොත්තුව වනුයේ මහජනතාව රෝගීන් ලෙස දැකීම නොව ඉතාමත් නිරෝගී සම්පන්න , ක්‍රියාශීලී ජනතාවක් සහ අනාගත පරපුර නිරෝගීව සිටිනු දැකීම බවයි .

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ විශේෂ සෞඛ්‍ය පණිවිඩ සහ යූ ටියුබ් නාලිකාවේ ප්‍රවෘත්ති සාකච්ඡා ආදියෙහි සබැඳියන් කරා පහසුවෙන් ළඟා විය හැකි පරිදි නිමවූ විශේෂ QR කේත කාඩි පතක් හඳුන්වාදීමද මෙහිදී සිදු වූ අතර එය සිදු වූයේ  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා විසිනි .

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, සුවෙන් සිටිමු ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඇතුළු වෛද්‍යවරුන් සහ  ආරාධිත මාධ්‍යවේදීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

ඡායාරූප – හසන්ත පුෂ්පකුමාර (සෞඛ්‍යය අමාත්‍යාංශය )

 
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan